මෙම පද්ධතිය පරිගණකය මගින් ක්‍රියා කළ හැකි මෘදුකාංගයකි. සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම pos system එක මගින් ඔබට තොග ශේෂයන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, පෙර කළ ගනුදෙනු නිරීක්ෂණය කිරීම, ලාභ අලාභ සෑදීම, ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්ගේ database එකක් පවත්වා ගැනීම, පුද්ගලයින් කීප දෙනෙකුට ලොග් වීමේ හැකියාව, අවශ්‍ය ඕනෑම මොහොතක මුළු පද්ධතියම backup එකක් ලබා ගැනීමේ හැකියාව, සිංහලෙන් බිල්පත් ලබා ගැනීම, ආදී විවිධ වූ කාරනා සියල්ල මෙම POS සිස්ටම් එක මගින් සපුරා ගත හැකි. වේ තවද මෙම මූලික දේවල් වලට වඩා වැඩිපුර විශාල කර්තව්‍යයක් මෙම POS System එක මගින් සිදු කර ගත හැකිය. මෙම POS System එක සදහා අප ආයතනය විසින් life time warranty එකක් ලබාදෙනු ලැබේ
රු 15000.00 වටිනා POS System සදහා පහත වීඩියෝ එක බලන්න
අපගේ pos system භාවිතා කරන ව්‍යාපාර වල විස්තර දැනගැනීමට පහත facebook page එක වෙත පිවිසෙන්න
POS 4 මෘදුකාංගය සමග ලබාදෙන DVD තැටිය භාවිතා කොට මෙම මෘදුකාංගය ඔබ හටම පහසුවෙන් ස්ථාපනය කරගත හැක. එම DVD තැටියෙහි අදාළ වීඩියෝවල අන්තර්ගත ප්‍රධාන කරුණු පහත දැක්වේ.
• මෘදුකාංගය පිළිබඳ මූලික හැඳින්වීම
• මෘදුකාංගය පරිගණකයෙහි ස්ථාපනය කිරීම
• ව්‍යාපාරයෙහි විස්තර ඇතුළත් කිරීම (නම , ඇඩ්රස්, දුරකථනය, company logo ආදිය)
• සැපයුම්කරුවන්ගෙන් ලද භාණ්ඩ ඇතුළත් කිරීම, භාණ්ඩ වර්ගීකරණය සහ භාණ්ඩයන් පද්ධතිය වෙත ඇතුළත් කිරීම
• Stock එක update කිරීම
• භාණ්ඩ සඳහා price tag නිර්මාණය කිරීම
• මිලදී ගැනීම්, stock නැවත return වීම, විකිණුම්, නැවත ගෙවීම්, ඉන්වොයිස් පිළියෙල කිරීම්, නැතිවීම් සහ අලාභ හානිවීම් ආදී document ඇතුලත් කිරීම
• printer, cash drawer, barcode reader යන උපකරණ මෘදුකාංගය සමග සම්බන්ධ කිරීම
• සැපයුම්කරුවන්ගේ සහ ගැනුම්කරුවන්ගේ විස්තර ඇතුළත් කිරීම
• කැශියර්, සුපවයිසර්, මැනේජර් ආදී තරාතිරම් සඳහා password සෑදීම සහ ඔවුන්ගේ කර්තව්‍යන් අනුව මෘදුකාංගය වෙත පිවිසීමේ බලය ලබාදීම.
• Stock ගණනය කිරීම
• කැශියර් විසින් භාණ්ඩයන් පාරිභෝගිකයන් වෙත විකුණන ආකාරය
• දවස අවසානයේ රිපෝර්ට් ගැනීම
• සිංහල භාෂාවෙන් බිල්පත් මුද්‍රණය කිරීම
• භාණ්ඩයෙහි ගැනුම් මිල, විකිණුම් මිල සහ ලාභ ප්‍රතිශත සෑදීම
• භාණ්ඩ සහ බිල්පත් සඳහා වට්ටම් ලබාදීම
• භාණ්ඩ ප්‍රවර්ධන වැඩසටහන් සෑදීම ( උදාහරණ : තුනක් ගත්තහම එකක් නොමිලේ ලබාදීම, විශේෂිත කාල සීමාවක් සඳහා භාණ්ඩවලට වට්ටම් ලබාදීම් ආදිය)
• ගැනුම්කරුවන් සමග ණයට ගනුදෙනු කරන ආකාරය
• මෘදුකාංගයෙහි backup ලබා ගැනීම සහ එම backup නැවත ප්‍රයෝජනයට ගන්නා ආකාරය
• විවිධාකාරයේ රිපෝර්ට් 50ක් පමණ ලබා ගැනීමේ හැකියාව (උදාහරණ : ගෙවීම් කරන ක්‍රම අනුව ලාභයන්, ගනුදෙනුකරුවන්ගේ විස්තර, සැපයුම්කරුවන්ගේ විස්තර, ණයට ලබාදීම්, වට්ටම් ලබාදීම්, දෛනික ගනුදෙනු, කැශියර් වරුන්ගේ දෛනික වෙළඳාම්, භාණ්ඩ return වීම් ආදිය)
මෙම ප්‍රධාන කරුණු වලට අමතරව තවත් බොහෝ දෑ මෙම DVD තැටියෙහි අන්තර්ගත වන අතර එම සියලු කරුණු ඉතා පැහැදිලිව screen records කරන ලද වීඩියෝ ආධාරයෙන් සිංහල භාෂාවෙන් සවිස්තරාත්මකව දක්වා ඇත.
වැඩි විස්තර සදහා කරුණාකර අමතන්න