අප ගැන:
අනුරාධපුර නගරයේ පිහිටි කුඩා සංචාරක හෝටලයක් වන අප හෝටලයට ක්‍රියාශීලි විශ්වාසවන්තව කටයුතු කල හැකි අවුරුදු 20-35ත් අතර පිරිමි සේවකයකු සදහා රැකියා අවස්ථාවක් ඇත.
ඔබේ වගකීම්:
• සියලුම නාන කාමර උසස් ප්‍රමිතියකට පිරිසිදු කිරීම.
• අමුත්තන්ගේ කාමර සකස් කිරීමට සහාය වීම (උදා: ඇඳ ඇතිරිලි මාරු කිරීම, කාමර පිරිසිදු කිරීම).
• ඇඳ ඇතිරිලි සහ තුවා සේදීම, වියළීම සහ නැමීම.
• හෝටලය පුරා සාමාන්‍ය පිරිසිදු කිරීමේ රාජකාරි ඉටු කිරීම.
අවශ්‍ය සුදුසුකම්:
• සාමාන්‍ය ඉංග්‍රීසි දැනීමක්.
• හෝටල් ක්ෂේත්රයේ සාමාන්‍ය පළපුරුද්ද ඇත්නම් වඩාත් හොදයි.
වැඩ කරන වේලාවන්:
• පෙ.ව. 8:00සිට ප.ව. 5:00 දක්වා.
• වැඩ කරන වේලාවන් තුළ හෝටලයෙන් පිටවීමට නම් කළමනාකරුගෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතුය.
• පැයක දිවා විවේකය හිමි වේ.
• සතියකට දින 6ක් (මාසයකට දින 4ක් නිවාඩු).
• මසකට දින 04ක් හෝටලයේ රාත්‍රිය නැවති සිටිය යුතුය
ස්ථානය:
• ජයන්ති මාවත, අනුරාධපුරය.
වැටුප:
• මසකට 40,000 - 50,000 (අත්දැකීම අනුව)
• වැටුප වාර්ෂිකව සමාලෝචනය කර වැඩි කරනු ලැබේ
ඔබ ස්ථාවර, පූර්ණ කාලීන රැකියාවක් සොයනවාද? මිත්‍රශීලී කණ්ඩායමක් හා එක්වන්න කැමතිද? එසේ නම්, අදම අයදුම් කරන්න!