අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
## සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ශේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අනගි අවස්තාවක් !!!
මත්තෙගොඩ පිහිටි ආර්පිකො warehouse හී කාර්යාල තනතුරු කිහිපයක පුරප්පාඩු සඳහා නවක සේවකයන් බඳවා ගැනීම මෙම දිනවල දී සිදු කෙරේ.
## තනතුර : General Clerk
මෙම තනතුර යටතේ,
01.Outbound (සතියට අවම දින 04 ක් රාත්‍රී 10.00 තෙක්)
02.Inbound (සතියට අවම දින 02 ක් රාත්‍රී 10.00 තෙක්)
03.Pharmacy (සතියට අවම දින 03 ක් රාත්‍රී 10.00 තෙක්)
04.Stock Control (සතියට අවම දින 03 ක් රාත්‍රී 10.00 තෙක්)
05.Transport
06.Record room
යන අංශ සඳහා නවක කාර්යාල සේවකයන් බඳවා ගැනීම සිදු කෙරේ.
## මත්තෙගොඩ, කොට්ටාව, පොල්ගස්ඕවිට, පැලන්වත්ත, පන්නිපිටිය, පිළියන්දල, හෝමාගම අයදුම්කරුවන් වඩාත් යෝග්‍ය වේ. නවාතැන් පහසුකම් සපයා ගැනීමට හැකිනම් දිවයිනේ අනිකුත් අයදුම්කරුවන්ට ද රැකියාව ලබා ගත හැක.
## ප්රතිලාභ
01. මූලික වැටුප
02. පැමිණීමේ දීමනා
03. විශාල අතිකාල දීමනා අවස්තා
04. රු. 30000.00 වැඩි මාසික වැටුපක්
05. රැකියා ප්‍රවර්ධනය
06. ප්‍රවාහන පහසුකම් ( රාත්‍රී වැඩමුරය නිම කිරීමේදී,)
## සුදුසුකම්
01. අ.පො.ස සාමන්‍ය පෙළ සමත්වීම.
02. අ.පො.ස උසස්පෙළ පෙනී සිටීම
03. වසරක පළපුරුද්ද
## අයදුම්කල යුතු ආකාරය
01. ඔබගේ රැකියා අයදුම්පත 0702215039 වට්ස්ඇප් කරන්න.
02. අනතුරුව ඔබට සම්මුඛ පරීක්ශනය සඳහා දිනයක් හා වේලාවක් ලබා දේ. (එම දිනය ඔබට ගැටලු සහිතනම් දිනය වේලාව සාකච්චාකොට තීරණය කළ හැක.)
03. මත්තෙගොඩ පිහිටි ආර්පිකෝ warehouse හී දි සම්මුඛ පරීකශනයට පෙනී සිටිය යුතුය.(ඔබගේ ජීව දත්තපත්රිකාව රැගෙන යා යුතුය.)
04. අනතුරුව අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීම සඳහා නැවත ඔබ නාවින්න පිහිටි ආර්පිකෝ ප්‍රධාන කර්යාලයට පැමිණිය යුතුය. එයට පැමිණෙන විට පහත ලියකියවිලි ඔබ විසින් රැගෙන ආ යුතුය.
01. ඔබගේ ජීව දත්ත පත්‍රිකාව.
02. ජාතික හැඳුනුම්පතේ චායාපිටපත
03. බැංකු පොතේ චායාපිටපත
04. උප්පැන්න සහතිකයේ චායා පිටපත
05. අධ්‍යාපන සහතික පත්‍ර පිටපත් (O/L, A/L)
06. ග්‍රාම සේවක සහතිකය
05. සියලු ලියකියවිලි වැඩ අවසන් වූ පසු ඔබ අප ආයතනයේ සේවකයකු ලෙස බඳවාගැනීම සිදු කෙරේ.
0772221666