Expack Corrugated Cartons PLC ආයතනයට, කර්මාන්තශාලාවේ භාවිතා කරන Air Conditioning පද්ධති නඩත්තු කිරීම සඳහා, සුදුසු අත්දැකීම් සහිත AC කාර්මික ශිල්පී සේවක මහතුන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ප්‍රධාන වගකීම්
• කර්මාන්තශාලාවේ Air Conditioning පද්ධති නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම
• AC යන්ත්‍ර සම්බන්ධ දෝෂ හඳුනාගෙන නිසි ලෙස විසඳීම
• Preventive නඩත්තු කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම
• AC පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම සඳහා නිරන්තර පරීක්ෂා කිරීම
• කාර්යබහුල අවස්ථාවලදී අදාළ තාක්ෂණික සහාය ලබාදීම
• අදාළ අලුත්වැඩියා සහ නඩත්තු කාර්යයන් වාර්තා කර තබා ගැනීම
• ආරක්ෂක නීති හා කර්මාන්තශාලා ප්රමිතීන් පිළිපැදීම
අවශ්‍ය සුදුසුකම්
• Air Conditioning සම්බන්ධ NVQ හෝ Technical Certificate වැනි සුදුසුකමක්
• අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් 1 – 2 වසරක පළපුරුද්ද
• AC නඩත්තු කිරීම, දෝෂ හඳුනාගැනීම හා අළුත්වැඩියා කිරීම පිළිබඳ දැනුම
• කණ්ඩායම් වශයෙන් සහ ස්වාධීනව වැඩ කිරීමට හැකියාව
• වගකීම සහ කාර්යබහුලතාවයට අනුගත වීමට හැකියාව
සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
Email: careers@expack.lk
Mobile: 077 394 8148