Yaramila target fertilizer
Island Wide Delivery. 🚛
ලංකාවේ ඔනේම ප්‍රදේශයකට ඩිලිවරි කරනවා. 📦
(දින 2️⃣ ක් ඇතුලත ඔයාලගේ ගෙදරටම)
යාරා මිලා ටාගට්
යාරා වලා ටාගට් නයිට්රජන් 14% ක්ද, පොස්පරස් 14% ක්ද, පොටෑසියම් 21% ක්ද අඩංගුවන ලෙස යුරෝපීය තත්ත්ව සහතිකයන්ට යටත්ව යාරා සමාගමේ අනර්ඝ නිෂ්පාදනයකි.
වැඩි පොටෑසියම් ප්‍රතිශතය තත්ත්වයෙන් උසස් මල්, ගෙඩි වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සහතික කරයි.
බෝගන්විලා, රෝස, ඇන්තූරියම්, කපුරු ආදී සියලුම මල් සඳහා විශේෂයෙන් නිපදවා ඇති අතර කෙසෙල්, පැපොල් ඇතුලු පලතුරු බෝග සඳහාත්, එළවළු සහ මිරිස් වැනි බෝගයන් හි මල් පිපෙන අවධියට ඉතා යෝග්‍ය සමබර පොහොරකි.
එමෙන්ම අර්තාපල්, මඤ්ඤොක්කා, ඉඟුරු ඇතුලු ඇල බෝගයන්හි වැඩි අස්වැන්න තහවුරු කරයි.
භාවිතය සඳහා උපදෙස්
• මල් වගාව සඳහා - පැළයකට / ගසකට ග්‍රෑම් 5 - 10 ක් සෑම සති දෙකකට වරක් යොදන්න.
• එළවළු වගාව සඳහා - වැඩුනු ගස් සඳහා ග්‍රෑම් 15 සිට 50 දක්වා බෝගය අනුව වෙනස් විය යුතුයි. සති 3-4 අතර යෙදීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැක.
• පලතුරු වගාව සඳහා - පීදුනු ගස් හෝ පීදීමට ආසන්න අවදියේ දී ග්‍රෑම් 100 සිට ඉහළට මසකට වරක් යෙදීමෙන් ඉහළ ප්‍රතිඵල හිමිවේ.