Portable Electric Crane Hoist
මෙය අප විසින් මෙරටදී සැලසුම් කර නිෂ්පාදනය කරනු ලබන crane එකකි. උපරිම ටොන් 1 දක්වා විවිධ බර පරාසයන් අනුව තෝරාගත හැකිය. මෙහි දක්වා ඇති ක්‍රේන් එක 300 kg එසවිය හැකි පරිදි වේ.
භාවිතා නොකරන විට මෙය සම්පූර්ණයෙන් හකුළුවා කුඩා ඉඩක තැබිය හැකිය. ඉදිරිපස වීල් ඇති නිසා පහසුවෙන් තැන තැන ගෙන යා හැකිය.
Arm එකේ දිග ප්‍රමාණය හා arm එකේ ඈන්ගල් එක. අවශ්‍යතාවය පරිදි එසවීමට අවශ්‍ය උස ප්‍රමාණයට අනුව සකසා ගත හැකිය. ලෙවල් නැති බිමක උවද භාවිතා කළ හැකි වන පරිදි පාදමට ලෙවලින් ස්කුරුප්පු ඇත.
ක්‍රේන් එකේ උස ප්‍රමාණය හා ඈන්ගල් එක වෙනස් කිරීම පහසුවෙන් හා සුමටව කළ හැකි පරිදි ලීඩ් ස්කෘෘ, ගියර් වීල් පද්ධතියක් යොදා ඇත. ඒ නිසා ඕනෑම අයෙකුට ආයාසයකින් තොරව පහසුවෙන් මෙය හැසිරවිය හැකිය.
ෆැක්ටරි එකක් තුළ, වෙයාහවුස් එකක් තුළ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බර ද්‍රව්‍ය හැසිරවීම සදහා වඩාත් යෝග්‍ය වේ.
230V single phase බල සැපයුමෙන් ක්‍රියාත්මක කළ හැකිය. හයිඩ්‍රොලික් පද්ධතියක් අඩංගු නැත. ඒ නිසා නඩත්තු කටයුතු ඉතා පහසු වේ.
මෙය අප විසින් මෙරටදී සැලසුම් කර නිෂ්පාදනය කරනු ලබන අතර ඒ නිසා ඔබගේ අවශ්‍යතාවයට, ඉඩකඩට හරියටම ගැලපෙන පරිදි සැපයිය හැකිය. ඇනවුම තහවුරු කළ පසු සති 2 -3 ක් තුළ නිෂ්පාදනය කර සපයනු ලැබේ.
මෙහි සදහන් කර ඇති මිළ , මෙහි දක්වා ඇති ක්රෙන් එකට අදාල වේ. එය 300Kg , උස අඩි 10 වේ.
අප Ideal Automation Technology pvt Ltd ආයතනය වන අතර 2021 වර්ෂයේ සිට මෙරට කර්මාන්ත සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කර සැපයීමේ කාර්යයේ නිරතව සිටිමු. අපගේ නිෂ්පාදන කටයුතු ගනේමුල්ලේ දී හා කුලියාපිටියේදී සිදුකරන අතර අප විසින් මේ දක්වා සැලසුම්කර නිෂ්පාදනය කළ යන්ත්‍ර ceylon quartz industries ltd - Dekatana, DSI ltd - Batduwa Galle, Ida Lanka Tatsuya (PVT) Ltd Kuliyapitiya, CFM logistic - Bengaluru, Karnataka, India යන ආයතන වලදී දැක බලා ගත හැකිය.
සියළුම වර්ගයේ convayors, press machines, Automated sorting machines, Automated liquid dispensers, Cargo lifts, Hydraulic lifting platforms, Tailgates ආදිය සැලසුම් කර නිෂ්පාදනය කර සැපයීමේ අත්දැකීම් හා හැකියාව ඇත.
අපගේ වෙඩ් අඩවිය idealautomationt.com
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Electric Chain Hoist
அங்கத்துவம்குருணாகலை, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 75,00053 நாள்
Electric Planer
அங்கத்துவம்குருணாகலை, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 11,50027 நாள்
Electric Blower
அங்கத்துவம்குருணாகலை, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 4,90034 நாள்
Electric Mixer
அங்கத்துவம்குருணாகலை, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 11,90034 நாள்