🌱පැල සහ බීජ 🍌
පැලයක මිල රු.1500
Delivery charge rs.250
බීජ 8 10ක් සහිත පැකට්ටුක් මිල රු.1000
Delivery charge rs.200
🍌 🍌 🍌
දෙවොල් රත් කෙසෙල් ලොව පැවත එන කෙසෙල් වර්ග වලින් ඉදුණු පසුව ඉබේම ලෙලි ඇරෙන කෙසෙල් වර්ගයක් වන මෙය සෙසු කෙසෙල් මෙන් උස යන්නේ නැත. අඩි තුන හතරක් පමණ උස යන මෙම කෙසෙල් ගසක වට ප්රැමාණය අගල් තුන හතරකින් යුක්තය. ගසක පීදෙන්නේ උඩ අතටය. කෙසෙල් මුහයක් පීදීමෙදී පහලට නැමෙන්නේ නැත. උඩ අතට වැඩෙයි. මුව පියන් පත් විවර වන්නේ ගෙඩි අග හටගත් විශාල මල් සමූහයකින් යුක්තවය. වැඩුණු කෙසෙල් ගසක කෙසෙල් මලක් පීදීමෙන් පසු පැසෙන්න මාසයක පමණ කාලයක් ගතවනවා. ඇවරි තේරී අවසන් වූ පසුව මුහය නැති වී යයි. ගෙඩි වැඩෙන විට ඒවා රතු පැහැයෙන් යුක්තය. එහි මදය ඇට සහිතය. ඇටි කෙසෙල් වැනිය. ඉදුණු පසු සිත් ඇදී යන සුවදකින් යුක්ත වන අතර ඉතාම මිහිරි රසයකින් යුතුය. මදය ඇට සහිත බැවින් විකා කෑමට නොහැකිය. වතුර පතක් පමණ පිරවූ භාජනයකට ඉදුණු කෙසෙල් මදය දමා පොඩිකර පෙරා බීමෙන් දිවට මිහිරි රසයකුත් ශරීරයට විශාල ඹෟෂධීය ගුණයක් ලැබීමට හේතුවේ. මෙම ඹෟෂධීය පානයද ඇටි කෙසෙල් මුහයද දියවැඩියා රෝගයට දිව ඹසුවකි. මෙම දොවොල් කෙසෙල් ඇවරියක් දෙවියන් උදෙසා පූජා කිරීමට හැකිනම් අසාල පූජාව තබන පුද්ගලයා ඇතුළු පවුලටම දේවාශිර්වාදක් හා දේව ආරක්ෂාව ලැබෙන බවට පැරණි මතයක් තිබෙනවා. රත් කෙසෙල් හෙවත් රතු කොච්චි කෙසෙල් පුජා වලට තැබීමට සිදුව ඇත්තේ මෙම කෙසෙල් වර්ගය සොයා ගැනීමේ දුෂ්කර තාවය මතයි.
"Shenu පැල තවාන"