රැකියාව: රියැදුරු Light Vehicle (Full Time/ Part Time)
==========================================
👉 අයදුම් කිරීමට පෙර පහත සදහන් විස්තරය සම්පූර්ණ කියවන්න.
✅ අප ගැන:
==========
💠 DrinkDrive යනු නිරතුරු ඔබගේ පුද්ගලික රියැදුරු සේවය සැපයිම සදහා සුදානම් වී සිටින ප්‍රවාහන සේවා ජාලයකි. අපගේ සේවාව ඉතා සුපරික්ශාකාරි සහ විස්වසනීය ලෙස ලබාදීමට සේවාලාබීන් සමග අප සහතික වෙමින් බැදී සිටින්නෙමු. අප රියැදුරු සේවය සපයමින් පාරිභෝගික ප්‍රජාව ඉතා ඉහල මට්ටමක තෘප්තිමත් බාවයක් කරා රැගෙන යමින් ඔවුන්ගේ හෙට දිනය ඵලදායි ලෙස ලගා කර දීම අපගේ ඒකායන අරමුණ වේ.
✅ රැකියා ස්වබාවය :
================
💠 මේ වන විට අපිගේ සේවා ජාලයේ නිරතුරු සේවා කණ්ඩායමට සම්බන්ධ වීමට කැමත්තෙන් සිටින් ඔබ සදහා සැහැල්ලු වාහන රියැදුරු (Chauffeur) ලෙස පූර්ණ සහ අර්ධ කාලීන රැකියා අවස්තාවන් විවෘත වී ඇත.
💠 DrinkDrive හි රියැදුරෙකු (Chauffeur) ලෙස, අපගේ සේවා ජාලය හා එකතු වී අභිමානවත් වෘතිකයෙකු ලෙස අප සේවාදායකයින්ට ප්‍රවාහන සේවා සපයමින්, ගමන පුරා ඔවුන්ගේ ආරක්ෂාව, සුවපහසුව සැපයීම සහ සේවාලාභීන්ගේ තෘප්තිය සහතික කිරීම අපගේ මූලික වගකීම වේ.
✅ වගකීම් :
=========
✪ අපගේ සේවාදායකයාගේ නිවැරදි ගමනාන්තය වෙත කාර්යක්ශමව සහ ඉතා ආරක්ෂිතව රැගෙන යෑම.
වාහන ධාවනයේදි ආරක්ෂිත බව සහ නීත්‍යානුකූල බව උදෙසා නීතිමය ක්‍රියාත්මක වීම් වලදී ඔබගේ සහ ආයතනයේ කිර්ති නාමය උදෙසා ශ්‍රී ලංකාවේ මාර්ග නීති, රෙගුලාසි සහ සමාගම් ප්‍රතිපත්ති පිළිපදිමින් ධාවනය කිරීම රැයැදුරු ඔබගේ වගකීමකි.
✪ සේවාලාභීයාගේ ඕනෑම විශේෂ ඉල්ලීමක් හෝ කැමැත්තක් ඉටු කිරීමේදී සේවාදායකයින් සමඟ වඩා පැහැදිලි ලෙස හා සුහදව අචාරශීලී ලෙස සන්නිවේදනය කළ යුතුය.
✪ සෑම විටම DrinkDrive වෘත්තීයමය වශයෙන් නියෝජනය කරන අතර ප්‍රවාහන සේවාවල විශිෂ්ටත්වය සඳහා රියැදුරු ඔබගේ නිරතුරු කැපවීම සහ අවංක බාවය තහවුරු වන පරිදී විනිවිද බාවයෙන් යුතුව කටයුතු කිරීමට වග බලා ගත යුතුය.
✅ සුදුසුකම්:
==========
✪ විනය ගරුක සහ අවංක බාවය සහිතව ආයතනික නීති රීති වලට අනුකූලව ක්‍රියා කිරිමේ හැකියාව.
✪ කල් නිකුත් නොවූ ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
✪ යතුරුපැදියක් තිබිය යුතුය.
✪ WHATS APP සහිත SMART දුරකතනයක් තිබීම
✪ වාහන ධාවනය කර පෙර පළපුරුද්ද තිබීම.
✪ ප්‍රාදේශීය මාර්ග, මාර්ග සහ රථවාහන රටා පිළිබඳ විශිෂ්ට දැනුම.
✪ ඉංග්‍රීසි බස හැසිරුවීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
✪ මිත්‍රශීලී සහ වෘත්තීයමය ආකාරයෙන් පාරිභෝගිකයා සමග ගනුදෙනු කිරිමේ හැකියාව.
✪ ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී රහස්‍යභාවය පවත්වා ගැනීමේ හැකියාව.
✪ වෙලාවට වැඩ කිරීම, විශ්වසනීයත්වය සහ සේවා විස්තර සඳහා අවධානය යොමු කිරීම.
✪ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අනිවාර්යයෙන් වැඩ කිරීමේ හැකියාව.
✪ Manual ගියර් පද්දතිය සහිත වාහන පැදවීමේ හැකියාව අනිවාර්ය ලෙස සැලකේ.
✅ ප්රතිලාභ:
=========
✪ මූලික වැටුප + කොමිස් සමග මාසික වේතනයක් හිමිවීම.
✪ Tips සඳහා අවස්ථා සමඟ ඉලක්ක ගත වැටුප් දීමනා.
✪ පූර්ණ සහ අර්ධ කාලීන තනතුරු සඳහා නම්‍යශීලී ලෙස සේවය කල හැකි ලෙස කාලය සැකසීම. (සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අනිවාර්යයෙන් වැඩ කළ යුතුය.)
✅ සම්මුඛ පරික්ශණ සදහා අවශ්‍යය (Documents)
=============================
✪ රියදුරු බලපත්‍ර පිටපතක්
✪ ජාතික හැදුම්පත්ර පිටපතක්
✪ ජීව වදත්ත (CV) තොරතුරු පත්‍රිකාව
✪ මෙම සියලු සහතික පිටපත් සහිතව වල මුල් පිටපත් සහ ජායා පිටපත් බැගින් සූදානම් සහිතව වේලාවක් වෙන් කරගෙන සම්මුඛ පරික්ශණ සදහා පැමිණෙන්න.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය:
=====================
✪ බදාදා හෝ සෙනසුරාදා යන දින දෙකෙන් එක් දිනයක් ඔබ Walk in Interview සදහා පලමුව තෝරාගත යුතුවේ. සෑම බදාදා සහ සෙනසුරාදා දිනයකම සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා Iසම්මුඛ පරීක්ශන පැවැත්වෙන බැවින් ඉහත සදහන් සහතික සහ පිටපත් සහිතව අපගේ නාවල ශාඛාවේ කාර්යාලයට එදිනම පැමිණ සහභාගි විය හැක.
✅ සැලකිය යුතුයි!!!
===============
වැඩි විස්තර සදහා උදෑසන 10.00 සිට සවස 05.00 දක්වා කාර්යාල වේලාව තුළ අමතන්න!!!
✅ අමතන්න
=========
📳 Whatsapp: 0711 505 123
💠 ඔබ DrinkDrive ජාලයේ රැයැදුරු කණ්ඩායමට වෘතිමය රියදුරෙකු Chauffeur කෙනෙකු ලෙස සම්බන්ධ වීමට කැමති නම් දැන්ම අප අමතන්න. අපගේ සියලු ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ විශ්වාසදායක ප්‍රවාහන සේවයක් සැපයීම අපගේ මෙහෙවරයි. එන්න අප හා එක්වන්න. අදම අයදුම් කර DrinkDrive පවුලේ කොටස් කරුවෙක් වන්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!