ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමයක් වන pb.lk හි වීඩියෝ සංස්කරණ ශිල්පී (Video Editor) තනතුර සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම් (Qualifications):
තාක්ෂණික දැනුම: Adobe Premiere Pro, After Effects, Photoshop, Capcut හෝ වෙනත් ප්රමුඛ පෙළේ වීඩියෝ සංස්කරණ මෘදුකාංග හැසිරවීමේ මනා පළපුරුද්ද.
නිර්මාණශීලීත්වය: ආකර්ශනීය ලෙස අධ්‍යාපනික වීඩියෝ සහ ප්‍රචාරණ පට (Shorts/Reels/Promos) නිර්මාණය කිරීමේ හැකියාව.
වේගය සහ කාර්යක්ෂමතාව: නියමිත කාලසීමාවන් තුළ උසස් ප්‍රමිතියෙන් යුතුව වැඩ නිම කිරීමේ හැකියාව.
අමතර සුදුසුකම්: වීඩියෝ වල වර්ණ සංයෝජනය (Color Grading) සහ ශබ්ද පරිපාලනය (Audio Editing) පිළිබඳ මූලික දැනුම තිබීම වාසියකි.
අත්දැකීම්: ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත අය වඩාත් ප්රමුඛ වේ.
ඔබත් නවීන තාක්ෂණය සමඟ වැඩ කිරීමට කැමති, නිර්මාණශීලී අයෙක් නම් දැන්ම අයදුම්කරන්න.
ඔබගේ අයදුම්පත (CV) සහ ඔබ විසින් මීට පෙර නිම කරන ලද නිර්මාණ කිහිපයක් (Portfolio/Samples) 0760810461 අංකයට WhatsApp කරන්න.