නලින් මොටර්ස්, අතුරුගිරිය, බජාජ් මෝටර් සයිකල් අලෙවියේ විශ්වාසනීය නාමයකි. අපගේ ආයතනය පුළුල් කිරීම සඳහා තාක්ෂණය සමග පෙරට යා හැකි දක්ෂ සේවක සේව්කාවන් අප හා එක් කර ගමට බලාපොරොත්තු වෙමු.
ඔබගේ වගකීම්:
* විකුණුම් ප්‍රවර්ධනය: බජාජ් නව සහ ලියාපදිංචි කළ මෝටර් සයිකල් අලෙවිය ඉහළ නැංවීම.
* ඩිජිටල් අලෙවි කරණය: Facebook, TikTok, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා නිර්මාණ ශීලිව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම.
*සමකාලීන අලෙවිකරණය: පෝස්ටර්, පත්‍රිකා සහ ක්ෂේත්‍ර ප්‍රචාරණ කටයුතු (Field Marketing) වැනි සාම්ප්‍රදායික ක්‍රමවේද දක්ෂ ලෙස භාවිතා කිරීම.
* පාරිභෝගික සේවය: පාරිභෝගිකයන් සමග සුහදව ගනුදෙනු කරමින් විශිෂ්ට සේවාවක් ලබා දීම.
සුදුසුකම්:
*අලෙවි කරණය සහ විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්ද හෝ ඒ සඳහා ඇති උනන්දුව.
*සමාජ මාධ්‍ය ජාල සහ ස්මාර්ට් දුරකථන යෙදුම් භාවිතය පිළිබඳ මනා දැනුම.
* කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ පාරිභෝගිකයන් ඒත්තු ගැන්වීමේ දක්ෂතාවය.
ප්රතිලාභ:
* ස්ථාවර වැටුප රුපියල් 50,000/- ක් දක්වා.
* දීමනා: විකුණුම් ඉලක්ක (Targets) මත පදනම් වූ ඉහළ කොම්ස් මුදල්.
* ප්‍රසන්න සහ සුහදශීලී සේවා පරිසරයක්.