නඩත්තු සහායකයෙකු අවශ්‍යයි
කොළඹ 04, ගාලු පාරට ආසන්නව ආයතනයක් සඳහා වගකීමෙන් යුතුව සේවය කළ හැකි නඩත්තු සහායකයෙකු අවශ්‍යයි.
සේවා ස්ථානය : Colombo 04 ගාලු පාරට ආසන්නව
ප්‍රධාන වගකීම් :
• කාර්යාල සහ සමාගම් පරිශ්‍රයේ දෛනික නඩත්තු කටයුතු සිදු කිරීම.
• විදුලි පද්ධති සහ විදුලි උපකරණ සම්බන්ධ මූලික නඩත්තු කටයුතු සිදු කිරීම.
• ජලනළ සහ ජල සැපයුම් පද්ධති සම්බන්ධ නඩත්තු කටයුතු සිදු කිරීම.
• වායු සමීකරණ (Air Conditioning) පද්ධති සම්බන්ධ මූලික නඩත්තු කටයුතු සඳහා සහාය වීම.
• අවශ්‍ය අවස්ථාවලදී බාහිර කාර්මික සේවා සපයන්නන් සමඟ සම්බන්ධීකරණය කිරීම.
• HR සහ Administration Manager සමඟ සමීපව කටයුතු කිරීම.
• අවශ්‍ය අනෙකුත් සාමාන්‍ය නඩත්තු හා කාර්යාල සහායක කටයුතු සිදු කිරීම.
අවශ්‍ය සුදුසුකම් :
• වයස අවුරුදු 30–40 අතර වීම වඩාත් සුදුසුය.
• සාමාන්‍ය සහ තාක්ෂණික නඩත්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද තිබීම.
• විදුලි, ජලනළ, වායු සමීකරණ සහ අනෙකුත් නඩත්තු කටයුතු පිළිබඳ දැනුම සහ පළපුරුද්ද තිබීම.
• වගකීමෙන්, විශ්වාසවන්තව සහ විනයගරුකව කටයුතු කිරීම.
• ස්වාධීනව මෙන්ම කණ්ඩායමක් සමඟද සුහදව වැඩ කිරීමේ හැකියාව.
• වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය හිමි වේ.
අයදුම් කිරීම :
සුදුසුකම් ලත් අපේක්ෂකයින් තම වත්මන් වැටුප / අපේක්ෂිත වැටුප සඳහන් කරමින් CV ඉදිරිපත් කරන්න. cv@huntaskill.com
අමතන්න : ☎️ 011 2585224 (8.30 am to 5.00 pm ) සතියේ දින