🔅සීතාවක ප්‍රාදේශීය සභාව - හංවැල්ල 🔅
-------------------------------------------------
ශ්‍රම මිලදී ගැනීමේ පදනම මත ශ්‍රමිකයින් මිලදී ගැනීම -
තනතුරු සංඛ්‍යාව - 01
🔸තනතුර - ICTT NVQ Level 4 ඉගැන්වීම් උපදේශක
🔸සුදුසුකම් - ICTT NVQ Level 5 හෝ ඊට ඉහල සුදුසුකම්
📞 මේ සඳහා අයදුම් කරන ශ්‍රමිකයින් 2025.11.30 දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතු අතර , අයදුම්පත්‍ර සහ වැඩි විස්තර සඳහා කාර්යාලයීය වේලාව තුළදී 036 - 2255052 අමතන්න.
කේ.ඒ. චන්දන පද්මසිරි
ලේකම් හා සීතාවක ප්‍රාදේශීය සභාවේ
බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරිමේ නිලධාරි
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල
දැන්වීමයි -
🔹සීතාවක ප්‍රාදේශීය සභාවේ ශිල්ප යොවුන් යාත්‍රා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී පාඨමාලාව (NVQ 4) සඳහා පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරන ලද උපදේශකවරයකු බඳවා ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
තනතුරු සඛ්‍යාව - 01
සුදුසුකම් -
🔹අයදුම්පත භාර ගන්නා අවසාන දිනට බස්නාහිර පළාතේ වසර 03ක ස්ථිර පදිංචි ශ්‍රි ලාංකික පුරවැසියෙකු විය යුතුය.
🔹අදාල ක්ෂේත්රයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 5) හෝ ඊට ඉහල සුදුසුකම් සපුරා තිබිය යුතුයි.
🔹පිළිගත් ආයතනයක වසරක පලපුරුද්දක් තිබිය යුතුයි.
🔹වයස අවුරුදු 18 – 45 ත් අතර විය යුතුය
🔹එක් වරකදී අවම වශයෙන් සිංහල , ගණිතය , විද්‍යාව , ඉංග්‍රිසී වලට සම්මාන සාමාර්ථ ඇතුළු අ.පො.ස (සා. පෙළ) විෂයයන් 6 කින් සමත් විය යුතුයි.
🔹එක් වරකදී අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ අවම වශයෙන් විෂයන් 2 ක් වත් සමත් විය යුතුය.
🔹වෙබ් අඩවි නිර්මාණය , ග්‍රැපික් ඩිසයින් , ක්‍රම ලේඛණ සදහා දැනුම, පරිගණක ජාල හැසිරවීම පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
පාඨමාලා තොරතුරු -
🔹පාඨමාලා කාලය මාස 06 කි. (පැය 744කි)
🔹වසරකට පාඨමාලා 02 කි.
🔹මෙම තනතුරට තෝරා ගන්නා උපදේශකවරු ප්‍රාදේශීය සභාව සමඟ මාස 06 ක ගිවිසුමකට යටත් විය යුතුය.
උපදේශක කාර්ය භාරය -
✅ආධුනිකයින් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වීම.
✅තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සිසුන් ලියාපදිංචි කිරිම.
✅තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහ ප්‍රතීතනය කිරිම සඳහා අවශ්‍ය සියලු ලේඛණ සකස් කිරිම. (T1,T2 , Weekly plan , Check list , practical and theory work schedule)
✅ආධුනිකයින්ගේ විනය පවත්වා ගැනීම.
✅පාඨමාලා න්‍යාය හා ප්‍රායෝගික අභ්‍යාස ඉගැන්වීම් කටයුතු.
✅දෛනික ආධුනික ඇගයීම් කටයුතු
✅ආධුනික සටහන් පොත් පරික්ෂාව
✅ආධුනිකයින් සඳහා විභාගයට පෙර පුනරීක්ෂණ සහ අවසන් ඇගයීම් කටයුතු පැවැත්වීම.
✅එක් එක් මොඩියුලර් අවසානයේ එම මොඩියුල් සඳහා ඇගයීම් කටයුතු පැවැත්වීම.
✅සතිපතා දෛනික වාර්තා පොත් පරික්ෂා කර ආධුනිකයින්ට උපදෙස් ලබා දීම සහ සහතික කිරිම.
✅ආධුනික නිපුණතා පදනම් වු පුහුණු වැඩසටහන් ඇගයීම් වාර්තා පොත් අධීක්ෂණය (CBT) , ඇගයීම හා දක්ෂතාවය ( C, NYC ) සටහන් කිරිම.
✅ආරම්භය, මැද හා අවසානයේ දෙමාපිය රැස්වීම පැවැත්වීම.
✅ආධුනිකයින් පාඨමාලාවෙන් ලබා ගන්නා දැනුම පදනම් කරගෙන සමාජ සේවා ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
✅වරින්වර තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිරික්ෂණ සඳහා අවශ්‍යතා සම්පුර්ණ කර සුදානම් කිරිම.
✅තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කිරිම.
✅ඇගයීම් කටයුතු සඳහා නිලධාරීන් සම්බන්ධ කිරිමේ කටයුතු ඇගයීම් කටයුතු සිදු කරන දිනයන්හි දි අධික්ෂණ නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම.
✅පැමිණීම් දුර්වල සහ අවශ්‍ය නිපුණතා මට්ටම සම්පුර්ණ කර නොමැති ආධුනිකයින්ට පුනරීක්ෂණ පැවැත්වීම සහ දෙමාපියන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරිම.
✅සීතාවක ප්‍රාදේශීය සභාවේ කීර්ති නාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරිම.
අයඳුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය -
🔸මෙම දැන්වීමට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව දැමූ පසු , ඔබට ලැබෙන ඊ මේල් පණිවිඩයේ ඇති සබැඳිය Click කර ඔබට ලැබෙන අයදුම්පත පුරවා එහි මෘදු පිටපතක් ලබාගෙන අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහල කෙලවරේ ‘‘තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ශිල්පි තනතුර‘‘ ලෙස සඳහන් කර 2025.11.30 වන දින හෝ එදිනට පෙර ලැබෙන සේ ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදිය හැකිය.
අයදුම්පත් සමග පහත සදහන් ලියවිලි වල සහතික පිටපත් එවිය යුතුය -
i. උප්පැන්න සහතිකය
ii. ජාතික හැඳුනුම්පත
iii. අධ්‍යාපන සහතික සහ ඉහළම අධ්‍යාපන සුදුසුකම් දැක්වෙන වෙනත් සහතික
iv. තමන්ගේ ස්ථිර පදිංචිය ඇති කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කළ පදිංචිය පිළිබඳ සහතිකය
v.සේවා සුදුසුකම් දැක්වෙන සහතිකය (NVQ)
vi. සේවා පළපුරුද්ද පිළිබඳ සහතිකය
ලේකම් හා සීතාවක ප්‍රාදේශීය සභාවේ,
බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරිමේ නිලධාරි,
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
