இடப்பட்டது
Sharon De alwis
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

රැකියා ඇබෑර්තුව – රියදුරු
Janathakshan (GTE) Ltd හරිත සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන ප්රමුඛ ලාභ නොලබන සංවිධානයක් වන Janathakshan (GTE) Ltd (www.janathakshan.lk) හි කොළඹ මූලස්ථානයේ අපගේ කණ්ඩායමට එක්වීමට පූර්ණකාලීන රියදුරෙකු බඳවා ගැනීමට අපි සොයමින් සිටි.
අවශ්‍යතා:
• වලංගු රියදුරු බලපත්‍රයක් සහ යහපත් රියදුරු වාර්තාවක් තිබීම;
• අවම වශයෙන් වසර 5ක රියදුරු පළපුරුද්ද
• වයස අවුරුදු 45ට අඩු වීම වඩාත් සුදුසුය ;
අවශ්‍ය විට රාත්‍රී කාලයේ, සති අන්තයේ සේවය කිරීමට සහ දිවයින පුරා ව්‍යාපෘති ස්ථාන වෙත ගමන් කිරීමට ඇති හැකියාව ;
ශ්‍රී ලංකාවේ මාර්ග හා ගමන් මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබීම
• ව්‍යාපෘති අවශ්‍යතා අනුව කෙටි හෝ දිගු කාලයක් ව්‍යාපෘති ස්ථානවල නවාතැන් ගැනීමට ඇති හැකියාව
• විශ්වාසනීයභාවය, නම්‍යශීලීභාවය සහ වගකීමෙන් කටයුතු කිරීම
• කොළඹට ආසන්නව පදිංචි අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ
අයදුම් කරන ආකාරය:
ඔබගේ ජීවදත්ත පත්‍රිකාව, ඥාති නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ විස්තර සහ ආවරණ ලිපියක් යන සියලු ලියවිලි එක් ගොනුවක් ලෙස සකසා recruitments@janathakshan.lk වෙත “Company Driver” යන විෂය යටතේ යොමු කරන්න.
නැතහොත්, පහත ලිපිනයට ගෙනවිත් භාරදිය හැක:
ජනතාක්ෂණ් (ගැරැන්ටි) ලිමිටඩ්, අංක 05, ලයනල් එදිරිසිංහ මාවත, කිරුලපන, කොළඹ 05.