රැකියා අවස්ථා - CNC යන්ත්‍ර ක්‍රියාකරු (CNC Machine Operator)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන LTL Galvanizers (Pvt) Ltd, අපගේ කණ්ඩායමට එක් වීමට යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සඳහා සුදුසුකම් සහිත ඔබට අදම අයදුම් කල හැක. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිවැරදිභාවය, උසස් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය සහතික කරමින්, අපගේ මෙහෙයුම් කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් හා උද්යෝගිමත්ව කටයුතු කළ හැකි ඔබ අප හා එක් වන්න.
🔧ප්‍රධාන වගකීම්
• යන්ත්‍ර සහ උපකරණ ක්‍රියාත්මක කිරීම සහ ඒවා සදහා සහාය වීම
• දෛනික යන්ත්‍ර පරීක්ෂා කිරීම් සහ නඩත්තු කටයුුතු කිරීම
• නිෂ්පාදන කාලසටහන් අනුව වැඩ කරමින් අදාළ ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීම
• තාක්ෂණික දැනුම සහ කුසලතා වර්ධනය සඳහා සැලසුම්ගත පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම
🎓අවශ්‍ය සුදුසුකම්
• පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක යන්ත්‍ර ක්‍රියාකරු ක්ෂේත්රයෙහි පාඨමාලාවක් හදාරා තිබීම
• වයස අවුරුදු 40 ට අඩු විය යුුතුය
• යන්ත්‍ර ක්‍රියාකරණය පිළිබඳ පුහුණුවක් තිබීම
• සමාන ක්ෂේත්රයක පෙර සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
💰වැටුප් හා වාසි
• ආකර්ශනීය ස්ථිර වැටුප + අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
📩අයදුම් කරන ආකාරය
ඉහත සුදුසුකම් සහිත ඔබගේ වෘත්තීය ගමන අප සමග ආරම්භ කිරීමට අදම අයදුම් කිරීමට ඔබගේ විස්තර සහිත CV එක පහත සඳහන් E-mail ලිපිනයට එවන්න සහ වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න. සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට පහත ලිපිනයට පැමිණෙන්න.
• දුරකථන අංකය : 077 147 4747 / 076 270 2083
• ඊ-මේල් ලිපිනය : apply.teamhr@gmail.com
• ලිපිනය : LTL Galvanizers (Pvt) Ltd,
Blocks 03 & 04, LINDEL, Sapugaskanda,
Makola, Sri Lanka.