සහකාර ගබඩා භාරකරු (නිෂ්පාදන අංශය)
අපගේ නිෂ්පාදන ආයතනය සඳහා ක්‍රියාශීලී සහ වගකිවයුතු සහකාර ගබඩා භාරකරුවෙකු (Assistant Storekeeper) වහාම අවශ්‍ය කර ඇත. (පළපුරුදු අය මෙන්ම පාසල් හැරගිය නවකයින්ටද ඉල්ලුම් කළ හැක.)
ප්‍රධාන වගකීම්
Purchase Orders වලට අනුකූලව ද්‍රව්‍ය භාර ගැනීම, ප්‍රමාණයන් පරීක්ෂා කිරීම සහ GRN සටහන් තැබීම.
QC අංශය හා එක්ව ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ ප්‍රතික්ෂේපිත ද්‍රව්‍ය කළමනාකරණය කිරීම.
Bin locations සහ FIFO (මුලින් ආ දේ මුලින් නිකුත් කිරීමේ) ක්‍රමවේදයට අනුව දූවිලි හා තෙතමනයෙන් ආරක්ෂා වන සේ භාණ්ඩ ගබඩා කිරීම.
අනුමත ලේඛන පදනම් කරගෙන නිෂ්පාදන සහ නඩත්තු අංශ වෙත නිවැරදි ද්‍රව්‍ය ප්‍රමාණයන් නිකුත් කිරීම.
තොග පරීක්ෂාව (Cycle counts), පද්ධති සටහන් (GRN, Issues, Gate Pass) යාවත්කාලීන කිරීම සහ වාර්තා සකස් කිරීම.
ආරක්ෂිත ක්‍රමවේද (PPE) අනුගමනය කරමින් ගබඩාවේ පිරිසිදුකම හා විනය පවත්වා ගැනීම.
සුදුසුකම් හා අවශ්‍යතාවල
අ.පො.ස. (සා/පෙළ) ගණිතය සහ ඉංග්‍රීසි සමත් වීම (උ/පෙළ පෙනී සිටීම අමතර සුදුසුකමකි).
ගබඩා හෝ තොග පාලන අංශයේ අවුරුදු 1–2 ක පළපුරුද්ද (නිෂ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂයි).
පාසල් හැරගිය අයදුම්කරුවන්ද සලකා බලනු ලැබේ.
මූලික පරිගණක දැනුම (MS Excel & Word). ERP පද්ධති පිළිබඳ දැනුම අමතර වාසියකි.
ගබඩා පාලනය පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමකි.
අවශ්‍යතාවය පරිදි අතිකාල (OT) හෝ Shift පදනම මත සේවය කිරීමේ හැකියාව.
ප්රතිලාභ
ආකර්ෂණීය වැටුප් (පළපුරුද්ද මත සාකච්ඡා කරගත හැක)
OT / අතිකාල දීමනා
වෘත්තීයමය ඉදිරි ගමන සඳහා අවස්ථාවන්