විමන්දි මෝටර්ස්,
සුපිරි වාහන පින්තාරුකරුවෝ, Cut & Polish, fiber.........
පානදුර, ගාලු පාර පාර නල්ලුරුව keels ඉදරපිට.
Wagon R එකක් paint කරන්න යන ගාන දාලා තියෙන්නේ.
අනිත් වාහනත් paint කරනවා.
අපි කොටසින් කොටස වාහනේ වීඩියෝස් එවනවා. කස්ටමර්ට whatsapp.
හරි විදියට, හොඳම විදිහට කස්ටමර්ට උපරිමයෙන්ම කරන්නයි අපි බලන්නේ.
අයිතිකරු වසන්ත අයියා කියන්නේ original නෙමෙයි ඔරිමජිනල් පේන්ට් කාරයෙක්.
හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් නැති ඕනම හද්ද පරණ සිට නවීන වාහනයක මෙකැණික් පැත්ත සුපිරියට හදන්න පුළුවන් පොරක්.
මනුස්සකම තියෙන මනුස්සයෙක්.
කලින් යුනිචලා එකේ වාහන ඔක්කොම හැදුවේ එයා. ඒ කාලේ වත්තේ ඉඩ නැතුව ඔක්කොම වාහන පාක්කරේ පාරේ.
ගමේ මිනිස්සු ඔක්කොම එයාට ආදරෙයි.
හැබැයි එයාගේ ආයුද හොරු අරන් ගියා.
ඊට පස්සේ එයා වැඩ නැවැත්තුවා.
පානදුර නල්ලූරුවේ ගාලු පාර අයිනේ කිල්ස් එක ඉස්සරහ එයාගෙම ගොඩනැගිල්ලකුත් තියාගෙන, BR එක තියාගෙන, අද පොඩි ගාලු පාරේ පල්ලිමුල්ල පැත්තේ පිට වැඩ කරනවා. එයා ගුරු මුෂ්ටිය තියාගන්නේ නෑ. දන්න ඔක්කොම කියලා දෙනවා.
මං මේක ලියන්නේ , මේ ඇඩ් එක දාන්නේ මොකද මං එයාට ණයයි.
පොඩි කාලේ ඉඳන් වහන මාරු කරද්දි අපිට හොඳම වාහන හොයලා දුන්නා. හැමදාම හොයලා දෙන්නෙත් හොඳ බොඩි. ටින් බොඩි,
ඒ ගැන ගොඩක් කතා තියෙනවා , හම්බුනාම කියන්නම්. පුදුම හැකියාවක් තියෙන්නේ හොඳම වාහනයක් හොයලා දෙන්න. හැබැයි කවදාක්වත් සල්ලි අරන් නෑ. ඉල්ලන්නෙත් නෑ. අපි බොහොම අමාරුවෙන් බලෙන් දුන්නහම ආපහු අපිට සල්ලි දෙනව බාගයක් හරි මෙච්චර වැඩියි කියලා.
බොරු කරලා බාල පේනට් ගහන් නෑ.
අඩු වියදම් ලැකර් ගහන් නෑ.
අවුරුදු දහයක් ට වැඩියෙන් කියාගන්න පුළුවන් පෙන්ට් එක අවුරුද්දක් යන්නත් කලියෙන් සවුත්තු වෙනවා නම් හොඳ පේන්ට් නෙවෙයි. එයා ගාව එහෙම වැඩ නෑ.
පරණ කස්ටමල එයාවම හොයාගෙන එනව. එයාලගේ පේන්ට් අපි පානදුරේ නල්ලුරුවේ කීල්ස් ඉස්සරහා විමන්දි මෝටස්, වසන්ත අයියගේ පරණ work shop එකේ පේන්ට් කරන්න හිතන් ඉන්නවා.
එයාව අඳුනන් නැති අලුත් කස්ටමලා මගේම අයියගේ ගාල්ලේ වර්ක් ශොප් එකට අරන් ඇවිල්ලා පේන්ට් කරනවා. මගෙ අයියා Automobile ඉන්ජිනිය, Vehicle Valuer. ලංකාවටම එයා වගේ ඉන්නේ 150. එයා ගාව ඕන උපකරණයක්, ආයුධයක් තියෙනවා. එයා කියන්නේ වාහනයක් කියන්නේ යකඩ ප්ලාස්ටික් වලින් හැදුනු හැපුනත් හදාගන්න පුළුවන් ජීවයක් නැති ජීවිතයක් කියලා.
එයා ඇඩ් දානවට වැඩි ප්‍රසිද්ධියට කැමති නෑ. එයා කියන්නේ "මල්ලි, අපි හරි තියරිය පාවිච්චි කරලා හරි කොලිටියට හරි standard එකට වැඩේ කරනවා නම්, අපි කස්ටමර්ට හොඳට සලකනවා නම්, අපි ගාවට කස්ටම එනවා, අපි ඇඩ් දාන්න ඕනේ නෑ" කියලා.
මතක තියාගන්න අපි හැමෝම අපේ අම්මට මව්බිමට ණයයි. අපි හරියට වැඩ කළෝතින් අපිට world's no 1 ranking passport සිංගප්පූරුවම වගේ නැති වුනත් ඒ කිට්ටුවට හරි යන්න පුළුවන්.
එදාට අපි ඒ ණය ගෙව්වා වෙනවා.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



