යන්ත්‍ර අලුත්වැඩියා හා සවිකිරීම් ශිල්පීන් වහාම බඳවා ගැනේ
කර්මාන්ත ශාලා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම, නිෂ්පාදන මාර්ග (Production Lines) එකලස් කිරීම, යන්ත්‍ර සවිකිරීම සහ යන්ත්‍ර කොටස් නිෂ්පාදනය පිළිබඳ පළපුරුද්දක් ඇති අය වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
කර්මාන්ත ශාලා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ පළපුරුද්ද
Production Line සහ කාර්මික යන්ත්‍ර එකලස් කිරීම හා සවිකිරීමේ හැකියාව
යන්ත්‍ර කොටස් නිෂ්පාදනය හා ෆැබ්රිකේෂන් කටයුතු පිළිබඳ දැනුම
වෙල්ඩින්, ග්‍රයින්ඩින් සහ මූලික ෆිටර් (Fitter) කාර්යයන් පිළිබඳ දැනුම තිබීම අමතර සුදුසුකමකි
කණ්ඩායමක් සමඟ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සූදානම් වීම
අප ගැන:
අප ආයතනය කර්මාන්ත ශාලා සඳහා නිෂ්පාදන මාර්ග (Production Lines) එකලස් කිරීම, කාර්මික යන්ත්‍ර සැලසුම් කිරීම, නිෂ්පාදනය, සවිකිරීම, නඩත්තු කිරීම සහ පෙර සැකසූ වානේ ගොඩනැගිලි ඉදිකිරීමේ විශේෂඥ ආයතනයකි.
පළපුරුද්දට අනුව ආකර්ෂණීය වැටුප් හා දීමනා ලබා දේ.
සුදුසුකම් සපුරාලන අය වහාම අයදුම් කරන්න.