• ශීතකරණ හා වායු සමීකරණ ක්ෂේත්රයට අදාළ NVQ 3 හෝ NVQ 4 මට්ටමේ සුදුසුකමක් හෝ ඊට සමාන පිළිගත් තාක්ෂණික සුදුසුකමක් තිබීම
• ගෘහස්ථ හෝ වාණිජ වායු සමීකරණ යන්ත්‍ර සවි කිරීම කිරීම පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්දක් තිබීම.
• වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් සේ සැලකේ. (ත්‍රීරෝද රථය ආයතනය විසින් ලබා දෙනු ලැබේ)
• තනිව සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව.
• වායු සමීකරණ යන්ත්‍රය ස්ථාපනය කිරීමට පෙර අදාළ ස්ථානය පරීක්ෂා කර, ස්ථාපන අවශ්‍යතා හඳුනා ගැනීම.
• ස්ප්ලිට් (Split), ඉන්වර්ටර් (Inverter), කැසට් (Cassette), සිවිලිමේ සවිකරන සහ බිම තබා භාවිත කරන වායු සමීකරණ යන්ත්‍ර නිවැරදිව ස්ථාපනය කිරීම.
• ස්ථාපනය කළ වායු සමීකරණ යන්ත්‍ර පරීක්ෂා කර ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ සිසිලන කාර්යක්ෂමතාව හා ආරක්ෂිත ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම.
• ශීතකාරක වායු කාන්දුවීම්, ජලය බැහැර කිරීමේ දෝෂ, විදුලි දෝෂ, අසාමාන්‍ය ශබ්ද, කම්පන සහ අනෙකුත් ස්ථාපන දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම.
• අවශ්‍ය අවස්ථාවලදී වායු සමීකරණ යන්ත්‍ර ගලවා වෙනත් ස්ථානයක නැවත ස්ථාපනය කිරීම.
• වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය, මූලික නඩත්තු අවශ්‍යතා සහ වගකීම් කොන්දේසි පිළිබඳව පාරිභෝගිකයාට පැහැදිලි කිරීම.