ගබඩා පාලක (වාහන අමතර කොටස් සහ උපාංග ) අපගේ වාහන අමතර කොටස් සහ උපාංග (Vehicle Spare Parts & Body Parts) ගබඩාව ක්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා කාර්යක්ෂම, පළපුරුදු ගබඩා පාලකවරයෙකු (Storekeeper) වහාම බඳවා ගැනේ.
ප්‍රධාන වගකීම් සහ රාජකාරි:
•තොග පාලනය:
ලැබෙන වාහන අමතර කොටස් සහ බොඩි පාට්ස් ඇනවුම් කිරීම සහ පරික්ෂා කර, ක්‍රමවත්ව ගබඩා කිරීම සහ නිකුත් කිරීම.
•දත්ත පවත්වා ගැනීම:
පරිගණක මෘදුකාංග (Software/Excel) ආධාරයෙන් තොග වාර්තා නිවැරදිව පවත්වා ගැනීම සහ මාසිකව තොග පරීක්ෂා කිරීම.
•ඇණවුම් නිකුත් කිරීම: කාර්මික ශිල්පීන්ට හෝ පාරිභෝගිකයින්ට අවශ්‍ය නිවැරදි අමතර කොටස් ප්‍රමාදයකින් තොරව ඇවුම් කිරීම සහ නිකුත් කිරීම.
•සුදුසුකම් සහ පළපුරුද්ද:පළපුරුද්ද:
වාහන අමතර කොටස් ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2-3 ක සේවා පළපුරුද්ද.
අධ්‍යාපනය: අ.පො.ස. (සා.පෙ.) හෝ (උ.පෙ.) සමත් වීම.
(සැපයුම් දාම හෝ ලොජිස්ටික්ස් පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි).
තාක්ෂණික දැනුම: MS Excel හෝ ගබඩා කළමනාකරණ මෘදුකාංග හැසිරවීමේ මූලික පරිගණක දැනුම.
විශේෂ දැනුම:
ප්‍රරමුඛ පෙළේ වාහන මාදිලි, එන්ජින් කොටස් සහ බොඩි පාට්ස් පිළිබඳව ඇති මනා දැනුම.
අයදුම් කළ යුතු ආකාරය:
සුදුසුකම් සපුරාලූ ඔබ, ඔබගේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්‍රිකාව (CV) සමග අයදුම්පතක්
hgpmmatara@gmail.com වෙත යොමු කරන්න. නැතහොත් 0717252252 අංකයට WhatsApp කරන්න.