පළකර ඇත්තේ
Pasindu Malintha Rajapaksha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

තනතුර: Showroom Sales Executive – Fabric & Wholesale Textiles
රැකියා විස්තරය: Maharagama පිහිටි රෙදි අලෙවිසැලක් සඳහා පාරිභෝගිකයන් සමඟ සෘජුව කටයුතු කළ හැකි Showroom Sales Executive (පුරුෂ / ස්ත්‍රී) අවශ්‍ය වේ. මෙම තනතුරේදී පාරිභෝගිකයන්ට සුදුසු රෙදි තෝරා ගැනීමට උදව් කිරීම සහ නිෂ්පාදන පිළිබඳ මූලික දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වේ.
මෙම රැකියාවේදී retail හා wholesale පාරිභෝගිකයන් දෙපාර්ශවයම හසුරුවා ගැනීම, orders සඳහා රෙදි නිවැරදිව මිනිත්තු කිරීම (measuring), bulk orders පාලනය කිරීම සහ showroom කාර්යයන් සුමටව පවත්වාගෙන යාම ඇතුළත් වේ. හොඳ fashion sense එකක්, සුහද පෞරුෂයක් සහ හොඳ sales හැකියාවක් තිබිය යුතුය.
අවශ්‍යතා:
* පුරුෂ හෝ ස්ත්‍රී
* වයස 18 – 35 අතර
* හොඳ සන්නිවේදන කුසලතා සහ පාරිභෝගිකයන් සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමේ හැකියාව
* fashion පිළිබඳ අවබෝධයක් සහ sales skills
* fabric හෝ retail අංශයේ පළපුරුද්දක් තිබේ නම් වාසියක් වේ
වැටුප් සහ ප්රතිලාභ:
* මූලික වැටුප රු. 40,000 සිට (දින 25 සඳහා ගණනය කරයි)
* අමතර දින සහ overtime සඳහා වෙනම ගෙවීම්
* පැමිනීමේ දීමනා සහ commission ලබා දෙනු ලැබේ
අමතර ප්රතිලාභ සහ වැඩ කාලසටහන:
* සතියේ දිනවල උදෑසන ආහාරය ලබා දේ
* සෙනසුරාදා උදෑසන සහ දහවල් ආහාර ලබා දේ
* සේවකයින්ට store තුළ මිලදී ගැනීම් සඳහා employee discount ලබා දේ
Off-season කාලයේදී දින සදුදා සිට සෙනසුරාදා දක්වා පමණක් විවෘත වේ. Peak season (October – December 31 සහ March – April 12) කාලයේදී දින 7ම විවෘත වේ.
තෝරාගැනීම: මූලික HR interview එකකින් පසු තෝරාගනු ලැබේ.



