
Sales Manager
අලෙවිකරණයට වගේම වාහනවලටත් ඔබ එකසේ ඇලුම් කරනවාද?
GenZee Auto Spa යනු ජාත්‍යන්තර තලයේ Car Detailing, Ceramic Coating, Paint Protection, Polishing, Interior Rejuvenation ඇතුළු premium vehicle service සේවා රැසක් සපයන ආයතනයකි. අපගේ පාරිභෝගික ජාලය පුළුල් කිරීමට සහ GenZee ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Premium Auto Spa සන්නාමය බවට පත් කිරීමට සමත් අලෙවි කළමනාකරුවෙකු (Sales Manager) අවශ්‍යයි.
වගකීම්:
* සියලුම Auto Spa සේවා සහ Membership වැඩසටහන් හරහා අලෙවි (Sales) ප්‍රවර්ධනය.
* පුද්ගලික පාරිභෝගිකයින්, ආයතනික සේවාදායකයින්, සුඛෝපභෝගී වාහන හිමිකරුවන් සහ Fleet Operators සමඟ මනා වෘත්තීයමය සබඳතා ගොඩනඟා ගැනීම සහ අලෙවි ප්‍රවර්ධනය.
* Ceramic Coating, Detailing පැකේජ, නඩත්තු සැලසුම් (Maintenance Plans) සහ Membership වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම.
* වාහන අලෙවිකරුවන් (Vehicle Dealers), රක්ෂණ සමාගම්, ලීසිං සමාගම් සහ ආයතනික සංවිධාන සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීම සහ අලෙවි ප්‍රවර්ධනය
* ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සහ ආයතනයට පැමිණෙන පාරිභෝගිකයින්ගේ (Walk-in) අලෙවි කටයුතු මෙහෙයවීම.
* මාසික අලෙවි ඉලක්ක සහ නව පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීම.
* පාරිභෝගික තෘප්තිය (Customer Satisfaction) සහ පාරිභෝගිකයන් ආයතනය සමඟ අඛණ්ඩව රඳවා ගැනීම (Customer Retention) නිරීක්ෂණය කිරීම.
* අලෙවි කාර්යසාධනය (Sales Performance) විශ්ලේෂණය කිරීම සහ අඛණ්ඩ දියුණුව සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
සුදුසුකම්:
* Auto Spa, වාහන repairs (Automotive), වාහන අලෙවි නියෝජිතායතන (Vehicle Dealerships) හෝ ප්‍රවාහන සේවා අලෙවි ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 5 ක පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
* විශිෂ්ට අන්තර් පුද්ගල සබඳතා (Interpersonal Skills) සහ ඉදිරිපත් කිරීමේ කුසලතා (Presentation Skills).
* පාරිභෝගික සේවාව සඳහා දැඩි කැපවීමක් සහ ව්‍යාපාරික මනසක් (Commercial Mindset) තිබීම.
* මනා විශ්ලේෂණ හැකියාවන් සහ වාර්තාකරණ කුසලතා (Analytical and Reporting Skills).
* වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
අපගෙන් ඔබට:
* ආකර්ෂණීය වැටුපක්, විශිෂ්ට දිරිදීමනා සහ කොමිස් මුදල් ක්‍රමයක් (Incentives and Commission)
* රාජකාරී කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම්
* වෘත්තීය දියුණුව සඳහා ඉහළ අවස්ථා
මෙම තනතුර සඳහා සම්බන්ධ වීමට ඔබත් කැමති නම්, අදම අප හා සම්බන්ධ වන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



