# 💼 තනතුර : රුධිර සාම්පල ලබාගන්නා නිලධාරිණී / PHLEBOTOMISTS (තලවතුගොඩ, කඩුවෙල)
# 💠 සුදුසුකම් :
【~】✪ පිළිගත් ආයතනයකින් හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ අනුමත ප්‍රයෝගික පුහුණුව
【~】✪ කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්නා නිලධාරිණියකු ලෙස අවුරුදු 2-3 කට වැඩි පළපුරුද්ද
【~】✪ විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිත වීම
【~】✪ කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම
【~】✪ යතුරුපැදියක් ධාවනය කිරීමේ හැකියාව සහ යතුරුපැදියක් හිමිකම් සිටීම (අමතර වාසියකි)
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීම හෝ අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් එකතු කිරීම
【~】✪ නියැදි හඳුනා ගැනීම සඳහා ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම
【~】✪ නියැදි/රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීමේ ක්‍රම පිළිබඳ රෝගීන්ව මග පෙන්වීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීව දත්ත තොරතුරු සටහන (දුරකථන අංක, ලිපිනය, ඊ-මේල් ලිපිනය සහ ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක සහිතව) පහත ලිපිනයට මෙම දැන්වීම පළ වී දින 07 ක් ඇතුළත යොමු කරන්න.
# 📳 දුරකථන අංකය :
011 7 888 888 / 0711 341 341
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@hemashospitals.com
# 📪 ලිපිනය :
මානව සම්පත් කළමණාකරු,
හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම,
647, පන්නිපිටිය පාර,
තලවතුගොඩ.