Honda VTR VT250F 1988
හොදට කියවල බලන්න.
බයික් එක සුපිරියටම හදල තියෙන්නෙ. ඇවිල්ලම පැදලන බලන්න. ජපානෙන් ආපු ඔරිජිනල් පාර්ට්ස් සේරම තියනව හෙල්මට් ලොක් එකේ ඉදලම.ලන්කාවෙ හොයාගන්න අමාරුම පාට් එක ක්ලොක් එකයි වෝල්ට්මීටර් එකෙයි කව්ලින් එකේ ඉදන් තියනව බයික් එකේ. ඔය ඵොටෝස් වල තියන ටයර් නෙමේ අලුතින්ම ටයර් දාල තියෙන්නෙ 1000km වත් දුවල නෑ. බැට්රිය දැන් දවසකට කලින් අලුතින්ම දැන්මෙ වොරන්ටි කාඩ් එක තියනව.එන්ජින් ඔයිලුත් බැට්රිය දානවත් එක්කම දැම්මෙ ෆිල්ටරුත් එක්කම.ඔය සමහර අය වගේ රේඩියේටරේට වතුර දාල නෑ හොදම කූලන්ට් දාල තියෙන්නෙ. බයික් එක සුපිරියටම තියනව. මම බයික් එක දෙනකොට තව එන්ජිමකුයි රේඩියේටරේකුයි ජපානෙ තියන ගල් ආර්ම් බයික් එක වගේ එන ෆුල් කව්ලින් සෙට් එකේ මූනයි තව මීටර් බෝඩ් එහෙකුයි ඒ සේරම දෙන්නෙ ගන්න කෙනාට ඇරන් බය නැතුව පැද්දැකි.පාර්ට්ස් නෑ කියන අයට එන්න මම බයිසිකල් පාර්ට්ස් තියන තැනුයි bike හදන හොදම vt ඔස්තාර්ලයි සෙට් කරල දෙන්නම් 😉පෙට්‍රල් නම් ලොවෙත් 28ක් 30ක් අනිවා කරනව නෑ කියනවනම් ඇවිල්ල පැදල බලන්න. ආ චේන් ස්පොකට් ඔක්කොම අලුත්.බ්රේක් ලයිනර්ස් ගහල තියෙන්නෙ.බයික් එකට ආපු ඔරිජිනල් යතුරු දෙක තියෙන්නෙ. ඔරිජිනල් ඇලුමිනියම් බොක්ස් cdi එක තියෙන්නෙ.
Motebikecatalog.com කියන සයිට් එකේ මේ බයික් එකේ විස්තර තියනව. හෝස්පවර් 40යි. නිව්ටන් මීටර් 24.5ක් 9000rpm වලදි තියනව ආයෙ ජෙට් තමා. තප්පර 5.6 යෙන් 100ට පිකප් වෙනව හොනට් එක දුවන්නෙත් 5.8න් ඒකත් 11000rpm වලදි.160ට පිකප් වෙනව තප්පර 22.5න් හොනට් එක 24.5න් බොරු කියනවනම් ඇවිල්ල පැදලම බලන්න. විකුනන්න හදිසියක් නෑ ඉතින් ඇවිල්ලම බලන්න. ලියකියවිලි සේරම සම්පූර්නයි id කොපියෙ ඉදන් තියනව.ලයිසන් ඉන්ශුවරන්ස් අප් ටු ඩේට්. ගත්ත පැද්ද.ගාන පොඩ්ඩක් එහෙමෙහෙ කරෑකි.ඇවිල්ල බලන්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!