කාර්යාල සහායක ඇබෑර්තු ඇත - කොළඹ 8
ඖෂධ බෙදාහැරීමේ ආයතනයක් වන ද ෆාමාකෝ පෞද්ගලික සමාගමේ පහත සඳහන් කාර්යාලවල , කාර්යාල සේවක ඇබෑර්තු , ගැහැණු ළමුන් සඳහා ඇත.
කොළඹ 8 (බොරැල්ල හන්දිය අසල)
සුදුසුකම් -
✔️වයස අවුරුදු 18 න් ඉහළ
✔️අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටීම
✔️සිංහල පැහැදිලිව කතා කිරීමේ හැකියාව
✔️ඉංග්‍රීසි වචන කියවීමේ සාමාන්‍ය හැකියාව
✔️පදිංචිය බොරැල්ල හා අවට
✔️පෙර රැකියා පලපුරුදු අවශ්‍ය නැත
රාජකාරි කටයුතු -
✔️ඇනවුම් පරිගණක ගත කර පිටපත් ලබා ගැනීම
✔️ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් සහ චෙක්පත් පරිගණක ගත කිරීම
✔️භාණ්ඩ මිලදී ගැනීමේ ඇනවුම්පත් සැකසීම
✔️ඉන්වොයිස්පත් වලට අදාල භාණ්ඩ පරීක්ෂා කර බෙදාහැරීම සඳහා සූදානම් කිරීම
✔️ගබඩා නඩත්තුව
✔️තොග කළමනාකරණය
අප විසින් මාස තුනක පරිගණක භාවිතය, ඖෂධ වෙළඳාම, තොග කළමනාකරණය සහ ගබඩා නඩත්තු පුහුණුවීම්, වේතන සහිතව ලබා දෙනු ඇත.
ඉන්පසු තම කාර්යක්ෂමතාවය අනුව පත්වීම් ලබාගත හැක.
මාසික වේතන, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා හා වාර්ෂික දීමනා ගෙවනු ලැබේ.
පෝය සහ රජයේ අනුමත වෙළඳ නිවාඩු අදාළ වේ.
ඔබගේ අයදුම්පත විද්‍යුත් තැපෑල මගින් පහත දැක්වෙන විද්‍යුත් ලිපිනයට විෂය වශයෙන් " Office Assistant - Colombo ලෙස සඳහන් කර අප වෙත යොමු කරන්න.
pharmaco.office@gmail.com