ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳපොළ මේ වන විට පෙර නොවූ මට්ටමේ වර්ධනයක් අත්කරගනිමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ නිවාස, ඉඩම්, මහල් නිවාස, වැනි දේපොළ මිලදී ගැනීමට, විකිණීමට සහ කුලියට දීමට හැකි වෙමින් පවතී. ඔබ විශාල මන්දිරයක්, සුවපහසු නිවසක් හෝ ඒ අතර ඇති ඕනෑම දෙයක් සොයන්නේ නම්, Ikman හි පලකර ඇති දේපල දැන්වීම් ඔබේ අවශ්‍යතා සහ ඔබේ අතැති මුදලට ගැලපෙන යමක් සොයා ගැනීමට ඔබට උදව් වනු ඇත. එහි ඇති දේපල පරාසය සමඟින්, ikman ඔබට දේපළ මිලදී ගැනීමට, විකිණීමට, දේපොළ කුලියට ගැනීමට සහ කුලියට දීමට යන සියල්ලටම ප්‍රමුඛ වේදිකාව ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ දේපලක් මිලදී ගැනීම, විකිණීම හෝ කුලියට ගැනීම ගැන සලකා බැලීමේදී, ikman යනු විශිෂ්ට ආරම්භක ලක්ෂ්‍යයක් වන අතර, දැන්වීම් මඟින් ප්‍රචාරණය කර ඇති සියලුම දේපලවල විස්තර, ඡායාරූප, මිල ගණන් සහ සම්බන්ධ කරගැනීමේ තොරතුරු සමඟ ඔබේ අවශ්‍යතාවය අනුව දේපල තෝරා ගැනීම ඔබට පහසු කරයි.
ශ්‍රී ලංකාවේ දේපල වෙලඳපොල සම්බන්ධයෙන් සියලු ප්‍රවේශයන්ට අදාළ එක් නීතිමය ප්‍රවේශයක් නොමැති වුවද, බදු, හිමිකාරීත්ව අවශ්‍යතා සහ දේපල රෙගුලාසි සම්බන්ධ විස්තර අධ්‍යයනය කිරීම, මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ලාභදායී සාර්ථකත්වයක් අත්කර ගැනීමට උපකාරී වේ.
ශ්‍රී ලංකාවේ දේපළ මිලදී ගැනීමේ ප්‍රධාන වාසියක් වන්නේ ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම හේතුවෙන් ප්‍රාග්ධන අගය ඉහළ නැංවීමේ විශාල හැකියාවක් තිබීමයි. ශ්‍රී ලංකාවේ දේපල මිලදී ගැනීමේ ක්‍රියාවලිය, ඊට සම්බන්ධ ලියකියවිලි සහ පියවර ගණන නිසා වෙහෙසකර විය හැකි නමුත්, ප්‍රතිලාභ ගැන සැලකීමේදී එය තවමත් ආකර්ශනීය ආයෝජනයකි.
ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ආකරයකින් වාණිජ දේපොළක ආයෝජනය කිරීම ප්‍රතිලාභදායක වනු ඇත. එය මහනුවර විකිණීමට ඇති ඉඩමක් වුවත්, කුරුණෑගල හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශයක් වුවත්, දේපලක් මිලදී ගැනීමට පෙර ඔබ මිලදී ගැනීමට අදහස් කරන ඉඩම ඔබට අවශ්‍යය කාර්යය සඳහා භාවිතා කළ හැකි බවට තහවුරු කරගත යුතුය.
ශ්‍රී ලංකාවේ දේපලක් විකිණීම වෙන කවරදාටත් වඩා දැන් පහසු වී ඇත. ඔබට ඔබේ ඉඩම, නිවස, මහල් නිවාසය හෝ කාර්යාල අවකාශය ikman හරහා විකිණීමට හැකිය. ඔබ කළ යුත්තේ ඔබේ දේපල දැන්වීම ikman හි පළ කිරීම පමණි. ikman හරහා ඔබට හොඳ ගැනුම්කරුවෙකු සොයා ගැනීමට මෙන්ම විශාල ගනුදෙනුවක් සිදු කිරීමේ සම්භාවිතාවයද වැඩි වේ.




