පිහිටීම:
මාවතගම නගරයේ සිට කුරුණෑගල දෙසට කිලෝමීටර් 2.5ක් පැමිණෙන විට 6 කණුව හංදිය හමුවේ. 6 කණුව හංදියෙන් මාරලන්ද පාර නම් කාපට් මාර්ගයේ මීටර් 300ක් යන්නට පෙර එම මාර්ගයට මුහුණලා මෙම ඉඩම හමුවේ. එනම් මෙම ඉඩම කුරුණෑගල-නුවර මාහාමාර්ගයට මීටර් 250ක ඉතා සමීප දුරකින් පිහිටයි.
6 කණුව මංසන්ධිය යනු ප්‍රධාන, ප්‍රධාන නොවන බස් රථ නවත්වන අර්ධ නාගරික ප්රදේශයකි. එහි බේකරියක්, සිලර කඩ කීපයක්, gym එකක්, කෑම කඩ, හෝටලයක්, pharmacy යක් ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල සපයා ගත හැකි පහසුකම් එක ළඟ පවතී.
ඉඩම වනතෙක්ම පවතිනුයේ කාපට් පාරයි. අතුරු මාර්ග නැත. මාරලන්ද පාර දිගටම කාපට් පාරක් ඔස්සේ මාවතගම නගරය, අහස් යානාපිටිය ප්‍රදේශය, බරන්දන පාර යන ප්‍රදේශවලට කෙලින්ම සම්බන්ධ වෙයි.
*පරිසරය:*
ඉඩම කෙලින්ම ආසන්නයේ ඇත්තේ මාරලන්ද කුඩා වැව හා ඉඩම පිටුපසින් ඇත්තේ සුන්දර මාරලන්ද කන්දයි. මහා මාර්ගයට මෙතරම් සමීප වුවත් පරිසරය ඉතාමත් නිස්කලංකයි.
*ඉඩම පිළිබඳව:*
සෘජුකෝණාස්රාකාර හැඩය, සින්නක්කර ඔප්පු, නිරවුල් ඔප්පු.
මෙම පිහිටීමේ මෙම ඉඩම කොටස අනාගතයේ ආයෝජනයක් ලෙස සිතනු ඇත.