Smart Movers Global (Pvt) Ltd
ප්‍රශ්න අස්සේ රස්තියාදු නොවී, ප්‍රවාහන වැඩේ නියමෙටම කරගන්න!
ඔබේ ව්‍යාපාරික හෝ ගෘහස්ථ ප්‍රවාහන අවශ්‍යතා සියල්ලම එකම වහලක් යටින්, වගකීමක් සහිතව ඉටුකර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
අපගේ විශේෂිත සේවාවන්:
🛋️ ගෘහ භාණ්ඩ ගලවා සවිකිරීමේ සේවාව (Dismantling & Assembling):
දම්රෝ (Damro), සිංගර් (Singer) ඇතුළු ඕනෑම සන්නාමයක වටිනා ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ, කිසිදු හානියක් නොවන පරිදි ගලවා, ප්‍රවාහනය කර, ඔබ කැමති ස්ථානයක නැවත සවිකර දීමේ (Fitting) සේවාව අප සතු පළපුරුදු ශිල්පීන් විසින් සිදුකරනු ලබයි.
❄️ ශීතකරණ ට්‍රක් රථ හයර් සේවාව (Freezer Truck Services):
ඕනෑම ප්‍රමාණයක භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇත.
භාණ්ඩවල නැවුම්බව සහ ගුණාත්මකභාවය 100%ක් රැකෙන පරිදි, නියමිත උෂ්ණත්වය (Temperature Controlled) නිවැරදිව පවත්වා ගනිමින් දිවයින පුරා ආරක්ෂිතව ප්‍රවාහනය කර දෙනු ලැබේ. (මස්, මාළු, කිරි නිෂ්පාදන, එළවළු, පළතුරු සහ ඖෂධ සඳහා වඩාත් සුදුසුයි)
ඇයි අපව තෝරාගත යුත්තේ?
ගෘහ භාණ්ඩ ගැලවීමට සහ සවිකිරීමට වෙනම මිනිස්සු සෙවිය යුතු නැත - ඔක්කොම එකම තැනින්!
භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳ 100%ක විශ්වාසය.
24/7 දිවයින පුරා ක්‍රියාත්මක කඩිනම් සේවාව