වායු සමීකරණ කාර්මික (AC Technician)
රැකියා සුදුසුකම් (Job Qualifications):-
-පිළිගත් ආයතනයකින් ලබාගත් NVQ මට්ටම 4 (NVQ Level 4) හෝ ඊට සමාන යාන්ත්‍රික ක්ෂේත්රයට අදාළ අධ්‍යාපනික සුදුසුකම්.
-මධ්‍යම වායු සමීකරණ පද්ධති (Central AC Systems) නඩත්තුව පිළිබඳ පුළුල් දැනුම සහ පළපුරුද්ද.
-සමාන තනතුරක අවම වශයෙන් වසර 3ක සේවා පළපුරුද්ද.
-වරාය හෝ වරාය ආශ්රිත සේවාවන්හි පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් (Advantage) ලෙස සැලකේ.
ප්‍රධාන වගකීම් (Key Responsibilities) :-
-වායු සමීකරණ (AC) සහ ශීතකරණ පද්ධති සවි කිරීම (Install), පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම.
-HVAC (වායු සමීකරණ) පද්ධතිවල ඇති වන විදුලි සහ යාන්ත්‍රික දෝෂ හඳුනා ගැනීම සහ අවශ්‍ය විටෙක හදිසි බිඳවැටීම් (Emergency breakdowns) සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම.
-නිසි පරිදි ගෑස් පිරවීම (Gas charging) සහ කාන්දුවීම් පරීක්ෂා කිරීම (Leak testing) තහවුරු කර ගැනීම සඳහා කොම්ප්රෙසර්, කන්ඩෙන්සර්, තර්මොස්ටාට් සහ අනෙකුත් කොටස් පරීක්ෂා කිරීම මෙන්ම වැළැක්වීමේ නඩත්තු කටයුතු (Preventive maintenance) සහ සේවා සැපයීම් සිදු කිරීම.
-සේවා වාර්තා (Service records) සහ අනෙකුත් වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාම.