වායු සමීකරණ කාර්මික (AC Technician)
රැකියා වගකීම්
ස්ප්ලිට් වර්ගයේ වායු සමීකරණ පද්ධති ස්ථාපනය කිරීම, සේවා කිරීම සහ නඩත්තු කිරීම.
දෝෂ හඳුනාගෙන කාලෝචිතව අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
පාරිභෝගික සේවා කැඳවීම් සඳහා සහභාගී වී උසස් තත්ත්වයේ තාක්ෂණික සේවාවක් සැපයීම.
සමාගමේ තත්ත්ව ප්රමිතීන් හා ආරක්ෂක ක්රියා පටිපාටිවලට අනුකූලව සියලුම කාර්යයන් ඉටු කිරීම.
රැකියා සුදුසුකම්
පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් වායු සමීකරණ හා ශීතකරණ (Air Conditioning & Refrigeration) පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
කර්මාන්ත ක්ෂේත්රයේ අත්දැකීම් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් ද අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
වලංගු රියදුරු බලපත්රයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
හොඳ සන්නිවේදන කුසලතා සහ ධනාත්මක ආකල්පයක් තිබිය යුතුය.
ස්වාධීනව මෙන්ම කණ්ඩායමක් සමඟද කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
මෙම දැන්වීම පළ වූ දින සිට දින 10ක් ඇතුළත, ඔබගේ සම්පූර්ණ ජීව දත්ත පත්රිකාව (CV) විද්යුත් තැපෑලෙන් යොමු කරන්න. විද්යුත් තැපෑලේ (E-mail) Subject පේළියේ "AC Technician" යනුවෙන් සඳහන් කිරීමට කාරුණික වන්න.
විද්යුත් තැපෑල: metrocareers@metropolitan.lk
දුරකථන අංක: 0114 700200 / 076 985 5762
ලිපිනය: අංක 150A, නාවල පාර, නාවල, නුගේගොඩ.