Elephant House අයිස්ක්‍රීම් බෙදාහැරීමේ ආයතනයක් සඳහා වගකීම් සහගත, විශ්වාසවන්ත සහ කාර්යශූර ගබඩා කළමනාකරුවෙකු / තොග භාරකරුවෙකු බඳවා ගනු ලැබේ.
ප්‍රධාන වගකීම්:
- අයිස්ක්‍රීම් තොග භාර ගැනීම, නිවැරදිව ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා නිකුත් කිරීම
-දෛනික තොග ඇතුළත් කිරීම් සහ නිකුත් කිරීම් නිවැරදිව සටහන් කිරීම
-ගබඩාවේ භෞතික තොග සහ පද්ධතිගත තොග පරීක්ෂා කිරීම
-ගබඩාව පිරිසිදුව, ආරක්ෂිතව සහ ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම
-රියදුරන්, අලෙවි නියෝජිතයන් සහ කළමනාකාරීත්වය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම
අවශ්‍ය සුදුසුකම්:
අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම
ගබඩා කළමනාකරණය හෝ තොග පාලනය පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි
තොග ගණනය කිරීම සහ වාර්තා පවත්වාගෙන යාමේ හැකියාව
වගකීම් සහගතව සහ අවංකව කටයුතු කිරීම
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීමේ හැකියාව
අවශ්‍ය අවස්ථාවල අතිකාල සේවය කිරීමට හැකි වීම