
රියදුරු - බණ්ඩාරගම
# 💼 තනතුර : රියදුරු
ඩ්‍රීම්රොන් යනු
සමූහ ව්‍යාපාරය සියලුම ආකාරයේ කේෂාලංකරණ, රූපලාවණ්‍ය, ආලේපන හා සනීපාරක්ෂක නිෂ්පාදනයන් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් වන අතර, අප ආයතනය මේ වන විට තම නිෂ්පාදන කළඹ පුළුල් කිරීමේ අරමුණින් වෙනත් රූපලාවණ්‍ය නිෂ්පාදනයන්ටද යොමු වෙමින් පවතී. ඩ්රීව්රෝන් ආයතනය අක්කර දහයක් දක්වා දිවෙන වර්ග අඩි 120,000 ක නවීන පහසුකම් වලින් සමන්විත කර්මාන්ත ශාලා දෙකකින් සහ කාර්යාල සංකීර්ණයකින් සමන්විත වේ. තවද ඩ්රීව්රෝන් ආයතනය GMP, IOS 9001-2015 වැනි තත්ත්ව සහතික වලින් පිදුම් ලද අතර, BOl අනුමැතිය ලද සහ එක් කර්මාන්ත ශාලාවක් සම්පූර්ණයෙන්ම දේශීය වෙළඳපළෙහි ඇති ප්රමුඛ පෙළේ වෙළඳනාමයන් සඳහා තම නිෂ්පාදන පහසුකම් සැපයීමට ද කැප සිටින ආයතනයකි. ඩ්‍රීම්රොන් සමූහ ව්‍යාපාරය Kindai Kagaku Lanka (Pvt) Ltd, Harumi Holdings (Pvt) Ltd, ∞∞ Dreamron College of Art and Beauty සමාගම් තුනකින් සමන්විත වන අතර, අප සමූහයේ මේ වන විට සේවක සේවිකාවන් 650 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරතව පවතී. වර්තමානයේ ඩ්‍රීම්රොන් සමූහ ව්‍යාපාරය තම නිෂ්පාදනයන් රටවල් 27 කට අධික සංඛ්‍යාවක් වෙත අපනයනය කරනු ලබන අතර ප්රමුඛ පෙළේ ගෝලීය රූපලාවණ්‍ය සහ සනීපාරක්ෂක සන්නාම කිහිපයක් සඳහා OEM සන්නාම හා ඔවුන්ගේ ලේබල් යටතේ නිෂ්පාදනයටද විශේෂිත වී ඇති සමාගමකි. ඩ්රීව්රෝන් සමූහ ව්‍යාපාරයට පුළුල් පරාසයක අවස්ථා සහිත දේශීය වෘත්තීය රූපලාවණ්‍ය වෙළඳපළේ ඉතා ප්රමුඛ ස්ථානයක් හිමි වී ඇත.
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 50 අතර විය යුතුයි.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
【~】✪ වාහන රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 2 ක පළපුරුද්දක් තිබිය යුතු අතර මනා සෞඛ්‍ය තත්වයකින් පසුවිය යුතුයි.
【~】✪ මාර්ග පිළිබද මනා දැනුමක් ඇති අයෙකු වීම අමතර සුදුසුකමකි.
【~】✪ වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව සහ වගකීමක් සහිතව භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව.
【~】✪ හොරණ අවටින් විශේෂයි.
【~】✪ දිවයින පුරා මෙහෙයුම් කටයුතු සදහා. මූලික ඉංග්‍රීසි කියවීමෙ හැකියාව
# ✅ ප්රතිලාභ :
ඔබට තරඟකාරී වැටුප් හා දීමනා හිමිවන අතර නිල ඇඳුම් නොමිලේ හිමිවේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0112 853 804 / 071 4444 715 - 0112 853 805
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dreamroncosmetics.com
# 📪 ලිපිනය : හරුමි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, 112 සුනේත්‍රාදේවි පාර නුගේගොඩ.

- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!