ගෘහස්ථ හෙද රැකියා ඇබෑර්තු පිරිමි සහ ගැහැණු
වර්ෂ 2007 ආරම්භ වූ හෙද සේවිකාවන් 1200ක් රැකියාවේ යෙදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙද සේවා ආයතනය වන රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගමේ ගෘහස්ථ හෙද සේවය සඳහා නවක සේවක/සේවිකාවන් 250ක් දැන් බඳවා ගනු ලැබේ.
ඔබ වයස අවුරුදු 22 -50 අතර උස අඩි 4යි අඟල් 10ට වැඩි සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ විවාහක/ අවිවාහක, ගැහැණු/පිරිමි කායික හා මානසික නිරෝගී කාර්යක්ෂම රාජකාරි කළ හැකි කාරුණිකව හදවතින්ම හෙද සේවයට කැමති ඕනෑම කෙනෙකුට රැකියාව.
ගෘහස්ථ හෙද රැකියාව සඳහා රෝයල් නර්සින් හෝම් ආයතනයම තෝරාගත යුත්තේ?
1. 2006 අංක 21 දරණ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමත හෙද සේවා PHSRC/OMI/235 හා ගිලන් රථ සේවා PHSRC/AS/21 ආයතනයක් වීම.
2. එක්සත් රාජධානියේ UK රජයේ අනුමත සමාගමක් FC041739 හා එක්සත් රාජධානියේ NHS ජාතික සෞඛ්‍ය සේවා අනුමත BR026857 ආයතනයක් වීම.
3. රැකියාව ආරම්භ කළ දින සිට සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් ETF හා සේවක අර්ථසාධක අරමුදල් EPF ගෙවන ශ්‍රී ලංකාවේ එකම හෙද සේවා ආයතනය වීම
4. සේවක පාරිතෝෂිත දීමනා Gratuity ගෙවන ශ්‍රී ලංකාවේ එකම හෙද සේවා ආයතනය වීම.
5. මාසික වැටුපට අමතර පැමිණීමේ දීමනාවක් ලෙස මසකට රු.5,000.00 ගෙවන ශ්‍රී ලංකාවේ එකම හෙද සේවා ආයතනය වීම.
6. පුහුණුවට හා රාජකාරියට පැමිණි දින සිට නොමිලේ නවාතැන් පහසුකම්, තුන් වේලටම නොමිලේ ආහාරපාන, නොමිලේ නිල ඇඳුම් සහ රාජකාරී ස්ථාන සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම හෙද සේවා ආයතනය වීම.
7. උපරිම මාසික වැටුප රුපියල් 84,000/- දක්වා ගෘහස්ථ හෙද/හෙදියන් සඳහා ශ්‍රී ලංකාවේ වැඩිම වැටුප ගෙවන එකම හෙද සේවා ආයතනය වීම.
8. වසර දෙකක සේවා කාලයකින් පසු රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 40 දක්වා කොමර්ෂල් බැංකුවෙන්මහජන බැංකුවෙන් පුද්ගලික ණය, නිවාස ණය ලබා ගැනීමේ හැකියාව.
9. එක් වසරක සේවා කාලය අවසන් වීමෙන් පසු වටිනා වෘත්තීය පළපුරුදු සහතිකයක් ලබා ගැනීමේ හැකියාව.
10. මූලික සුදුසුකම් සහිත වසර දෙකක සේවා කාලය අවසන් වීමෙන් පසු අප ආයතනයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර හෙද නිවාසයේ සේවයට එක්වීමේ හැකියාව.
11. ISO 9001 -2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද ඉහළම පරිගණක තාක්ෂණ භාවිතා කරමින් සේවකයන්ට අපහසුවකින් තොරව සේවා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා හැකි ශ්‍රී ලංකාවේ එකම හෙද සේවා ආයතනය වීම.
12. හෙද/හෙදියන්ගේ රාජකාරී කටයුතුවල පහසුව සඳහා මානව සම්පත් අංශය, ගිණුම් අංශය, මෙහෙයුම් අංශය, පරිපාලන අංශය, වෛද්‍ය අංශය සහ ප්‍රවාහන අංශය වශයෙන් වෘත්තීය පල පුරුදු උපාධිධාරී කළමනාකරුවන්ගෙන් සමන්විතය 50 දෙනෙකුගේ කාර්යමණ්ඩලයක් හෙද/හෙදියන්ගේ සේවයට සේවයට කැපවී සිටින ආයතනයක් වීම.
13. දවසේ පැය 24 තුළ හදිසි අවස්ථාවක් සඳහා ක්ෂණිකව පැමිණෙන වැඩිම ගිලන් රථ සංඛ්‍යාව හිමි ශ්‍රී ලංකාවේ එකම ආයතනය වීම.
14. හෙද/හෙදියන් සඳහා නොමිලේ රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් සමග අසනීපයකදී රෝහල් ගතවීමේදී වැටුප් ගෙවන ශ්‍රී ලංකාවේ එකම ආයතනය වීම.
15. ගෘහස්ථ හෙද රැකියාව සඳහා පුහුණුවක් නොමැති අය සඳහා ජාත්‍යන්තර හෙද පුහුණු කිරීම් සම්මත IVQ ආයතනයේ හෙද පුහුණු පාසල මගින් දින 21ක නොමිලේ නේවාසික පුහුණුවක් ලබා දෙන අතර පුහුණුව අවසන් කිරීමෙන් පසු රැකියාවට අනුයුක්ත කිරීම හා සේවා කාලය තුළදී සේවා උසස්වීම් සඳහා අවශ්‍ය පුහුණු සැසි වාර නොමිලේ පවත්වන ආයතනයක් වීම.
රැකියාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට දුරකථන අංක වලට 0703789102 , 0713 944 944 , 0718131131 ඇමතීමෙන් හෝ
https://forms.gle/KRRWXm5wjLa4t78FA
මෙම සබැදියට මූලික තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු තොරතුරු ලබාගත හැක.
තැපැල් මාර්ගයෙන් ඇදුම්පත් යොමු කිරීම : රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම, අංක 52 සේරම් පාර, ගල්කිස්ස.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!