මෙය අපගේ අවුරුදු 5ක් වයසැති ගැහැණු Golden Retriever සුනඛයායි. ඇය ලියාපදිංචි කර ඇති අතර අවශ්‍ය සියලුම එන්නත් ලබාදී ඇත.
අපි ඇයව විකිණීමට නොව, ආදරණීය සහ වගකීමෙන් යුත් පවුලකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වෙමු. ඇය කුඩා කාලයේ සිටම ආදරයෙන් පිරුණු, AC පහසුකම් සහිත, සම්පූර්ණයෙන් ටයිල් කළ නිවසක හැදී වැඩුණු නිසා සුවපහසු පරිසරයකට හුරු වී ඇත.
එබැවින්, ඇයට ආදරය, සැලකිල්ල සහ සුවපහසු ජීවිතයක් ලබාදිය හැකි පවුලක් සොයමින් සිටිමු.
අපි විදේශගත වීමට සූදානම් වන බැවින්, ඉතා කණගාටුවෙන් ඇයව හොඳ අතකට භාරදීමට තීරණය කර ඇත.
වැදගත්: සුනඛයා භාරදීමට පෙර, ඔබගේ නිවසේ පරිසරය සහ ඇයට ලබාදිය හැකි පහසුකම් අප විසින් සලකා බලනු ඇත. ඇය සුවපහසු සහ ආදරයෙන් පිරුණු නිවසකට පමණක් භාරදෙනු ලැබේ.
සටහන: කරුණාකර සුරතල් සතුන්ට සැබෑ ආදරය සහ වගකීමක් ඇති පවුල් පමණක් සම්බන්ධ වන්න.
KASL REGISTERED AND ORIGINAL CERTIFICATES AVAILABLE FOR PURE BREED