Slitting Operator (ස්ලිටින් යන්ත්‍ර ක්රියාකරවුම්කරු)
අපගේ නිෂ්පාදන අංශය සඳහා පළපුරුදු Slitting Operator වරුන් වහාම අවශ්‍ය කර ඇත.
ප්‍රධාන වගකීම්
Slitting යන්ත්‍රය නියමිත පිරිවිතරයන්ට (Specifications) අනුව ක්‍රියා කරවීම.
Blades, Spacers සහ Rollers නිවැරදි මිනුම්වලට අනුව සෙට් (Setup) කිරීම.
අමුද්‍රව්‍ය (Coils / Sheets) හානියක් නොවන සේ අවශ්‍ය පලල් ප්රමාණයන්ට කපා වෙන් කිරීම.
නිෂ්පාදිත භාණ්ඩවල මිනුම් (Width, Thickness) සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම.
යන්ත්‍රයේ මූලික නඩත්තු කටයුතු සිදු කිරීම සහ දෝෂ වාර්තා කිරීම.
සුදුසුකම් හා අවශ්‍යතා
Slitting යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ අවම වශයෙන් අවුරුදු 1–2 ක පළපුරුද්ද.
Vernier Caliper, Micrometer වැනි මිනුම් උපකරණ භාවිතා කිරීමේ හැකියාව.
අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබීම (තාක්ෂණික/කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමකි).
යන්ත්‍ර සූත්‍ර පිළිබඳ හොඳ තාක්ෂණික අවබෝධයක් තිබීම.
ප්රතිලාභ
ඉහළ වැටුප් (පළපුරුද්ද මත සාකච්ඡා කරගත හැක)
OT සහ පැමිණීමේ දීමනා