AC සවි කීරීම සම්බන්ධ පළපුරුදු සහ තාක්ෂණික දැනුම ඇති දැනුම ඇති අයෙකු අපගේ කණ්ඩායමට එක් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
AC සවි කීරීම ක්ෂේත්රයේ හොඳ ප්‍රායෝගික පළපුරුද්දක් තිබිය යුතු අතර, කණ්ඩායම් අධීක්ෂණය, ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීම සහ නියමිත කාලය තුළ සාර්ථකව අවසන් කිරීමේ හැකියාව තිබිය යුතුය.
සුදුසුකම්:
* A/C සවිකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කාර්මික ශිල්පියෙකු ලෙස අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තිබීම
* වායුසමීකරණය සවිකිරීම සම්බන්දයෙන් NVQ Level 3/4 හෝ ඊට සමාන තාක්ෂණික සුදුසුකමක් තිබීම
* ශීතකරණය සම්බන්දයෙන් ප්‍රායෝගික පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ
* වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ
* තමන්ගේම මෝටර් බයිසිකලයක් තිබීම අවශ්‍ය වේ
* මීගමුව සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අපේක්ෂකයින්ට ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ
ප්‍රධාන වගකීම්
* Installation ආරම්භ කිරීමට පෙර Site Inspection සිදු කර අවශ්‍යතා හඳුනා ගැනීම, ගැටලු හඳුනා ගැනීම සහ නිවැරදි Installation සැලසුම් සකස් කිරීම
* දෛනික AC Installation කටයුතු සහ Installation කණ්ඩායම් අධීක්ෂණය කිරීම
* අදාළ කණ්ඩායම් සහ පාරිභෝගිකයින් සමඟ සම්බන්ධීකරණය කිරීම
* තාක්ෂණික උපදෙස් සහ සහාය ලබා දීම
* Installation අවසන් වූ පසු Testing සහ Commissioning කටයුතු අධීක්ෂණය කිරීම
* අවසන් කරන ලද Installation කටයුතු නිසි පරිදි පාරිභෝගිකයා වෙත භාර දීම සහතික කිරීම
* Installation ක්‍රියාවලිය පුරාම ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ සේවා ප්රමිතීන් පවත්වා ගැනීම
වැඩිදුර විස්තර සඳහා අමතන්න
+94 70 570 4103