Nursing Care

දීර්ඝකාලීන නේවාසික සත්කාර
අංගසම්පූර්ණ සුවපහසු තනි කාමර හා ද්විත්ව කාමර
සේවාලාභියාගේ අවශ්‍යතාවයට මුල්තැන දෙමින් අංගසම්පූර්ණ සුවපහසු තනි කාමර ද්විත්ව කාමර සුවපහසු රෝගී ඇඳන් එක් එක් සේවාලාභියාගේ සෞඛ්‍ය තත්ත්වය මත සැකසූ සෞඛ්යාරක්ෂිත ආහාරපාන සනීපාරක්ෂක පහසුකම්
ශාරීරික හා මානසික සුව පැවැත්ම උදෙසා ක්‍රියාකාරකම් ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම්
අධ්‍යාත්මික සුවපත් බව හා විනෝදාස්වාදය උදෙසා සිදුකරන උත්සව හා ක්‍රියාකාරකම්
දැන්ම අයදුම් කරන්න
දැක්ම සහ මෙහෙවර
දැක්ම
ලංකාවේ විශිෂ්ටතම සෞඛ්‍ය රැකවරණ සැපයුම්කරු වීම
මෙහෙවර
ශ්‍රී ලාංකේය හා ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූලව මානසික සුවතාවය හා කායික සුවතාවය රැකගනිමින් එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවය තේරුම් ගෙන පුද්ගල ස්වාධීනත්වය හා පෞද්ගලිකත්වය රැකගනිමින් නූතන තාක්ෂණය භාවිතය සමඟ පළපුරුදු කාර්ය මණ්ඩලයක එකතුවෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී පළපුරුදු වෛද්‍ය හා ප්‍රමිතිගත රජයේ සහ පෞද්ගලික රෝහල් සේවය සමඟ සම්බන්ධ වෙමින්, විශ්වාසදායී, ප්‍රියමනාපශීලි, පිරිසිදු පරිසරයක, සෞඛ්‍ය රැකවරණ සේවය සැපයීම අපගේ මෙහෙවර වේ.
වැඩිදුර කියවන්න
දෛනික කාලසටහන
උදෑසන ආහාරය
08.00 - 09.00
ව්‍යායාම කිරීම
09.30 - 10.30
පුස්තකාලය
10.30 - 12.30
විස්තර බලන්න
අපි ගැන
C & K යනු විශ්‍රාමික වියෙහි ජ්‍යේෂ්ඨ පුරවැසියන් මෙන්ම ඕනෑම වයස් පරතරයක නැත්නම් රෝගී තත්ත්වයක පසුවන පුද්ගලයන් සඳහා සුවදායි පරිසරයක ගොඩනඟන ලද මිත්‍රශීලී හා විශ්වාසනීය සෞඛ්‍ය රැකවරණ සේවා සපයන ආයතනයකි.
වැඩිදුර කියවන්න
ආයුබෝවන් C & K හෙද සේවා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයට ඔබව සාදරයෙන් පිළිගනිමු.
වසර 6කට අධික කාලයක් පුරාවට C & K හෙද සේවා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය අප පවත්වාගෙන යනු ලබන්නේ අපගේ සේවාලාභින්ගේ මානසික හා කායික සුවපත් භාවය පිළිබඳ ඉතා ඉහළ අවධානයක් යොමු කරමිනි.
ඒ වෙනුවෙන්ම තෝරාගත් ගැමි නිස්කලංක පරිසරයක අංගසම්පූර්ණ පහසුකම් සහිතව ගොඩනඟන ලද C & K හෙද සේවා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය විශ්‍රාමික වියෙහි පසුවන ජ්‍යේෂ්ඨ පුරවැසියන් හෝ ඕනෑම වයස් පරතරයක හෝ රෝගී තත්ත්වයක පසුවන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය සේවා සපයමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ සුහදශීලි සෞඛ්‍ය සත්කාරක සුරැකුම් මධ්‍යස්ථානය ලෙස සේවාලාභින්ගේ හදවත දිනා ගැනීමට සමත් වී තිබේ.
දීර්ඝකාලීන සත්කාර
කෙටිකාලීන නේවාසික සත්කාර
විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා නේවාසික පහසුකම්
දිවා සුරැකුම් සේවා
එක්තැන් වූවන් හට ගිලන් සත්කාර
උපදේශන සේවා
විවිධ රෝගී තත්ත්වයන් සඳහා වූ සුවිශේෂී ප්‍රතිකාර හා සාත්තු සේවා
ඩිමින්සියා , පාර්කින්සන් ,පිළිකා ,විවිධ මානසික රෝග , අංශභාග රෝගීන් , විවිධ සැත්කම් කරනු ලැබූ රෝගින් හා අස්ථි බිදීමට ලක්වූ රෝගීන් ඇතුළු ඕනෑම රෝගි තත්ත්වයක් සඳහා වෙන් වූ විශේෂ සෞඛ්‍ය සත්කාරක සේවා අප ආයතනය මඟින් සපයනු ලබයි.
විවිධ තත්වයන් යටතේ රෝගීවන පුද්ගලයන් හට දිනපතා හෝ ඇතැම් කාල සීමවන්වලදී අවශ්‍ය වන මූලික ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම, හෙද සත්කාර, සාත්තු සේවා සැපයීම මෙමඟින් අප සිදුකරනු ලබයි.
රාජකාරි කටයුතු සමඟ පවුලේ සාමාජිකයන් කාර්යබහුල වන ඕනෑම අවස්ථාවක අප ආයතනයෙන් විශ්වාසනීය ලෙස ලබා ගත හැකි සේවාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
රෝගීන් හට අවශ්‍ය ඕනෑම මොහොතක ඔක්සිජන් ,නෙබියුලයිසර් ,හා අනෙකුත් සියලු රැධිර පරීක්ෂණ හා සේවාවන් නිසියාකාරව වෘත්තීය පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් හරහා අප මෙහිදී ඔබට ලබා දෙනු ලබයි
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!