
රජයේ ලියාපදිංචි Shamrockseniors Nursing Home ආයතනය සඳහා හෙද සහයක සහයිකාවන් කැඳවනු ලැබේ.
හෙද සහයක / සහයිකා
Nursing Assistant
සුදුසුකම්:
- වයස අවුරුදු 20 – 35 ත් අතර.
- වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයක් (06) ඉංග්‍රීසි භාෂාව සමඟ අ.පො.ස. (සා.පෙළ) සමත් වීම.
- රජයේ පිළිගත් ආයතනයක් මඟින් වසර 1 ක හෙද සහයක ලෙස පුහුණුව ලබා තිබීම.
- ශ්‍රී ලංකා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිරිනමනු ලබන හෙද සහයක ලෙස NVQ අදියර 4 සහතිකය.
- මනා සෞඛ්‍යයකින් හෙබි.
- ප්‍රියමනාප පෙනුමක් සහ කාර්යක්ෂම බවින් යුක්තවීම.
හෙද වෘත්තිය සඳහා අයදුම් කරන ඔබට,
- මුලික වැටුප සමඟ රු.55,000 – 65,000 ක් දක්වා මාසික වැටුපක්.
- සම්මත සේවා මුර (Standard Roster): ඔබේ මූලික වැටුප තීරණය වන්නේ මසකට පැය 180 ක සම්මත සේවා මුරයක් සම්පූර්ණ කිරීම මතය.
- Duty Shifts - සේවා මුරයන්
- Morning Duty Shift (7am to 1pm) පෙරවරු සේවා මුරය (පෙ.ව. 7 සිට ප.ව. 1 දක්වා)
- Evening Duty Shift (1pm to 7pm) සවස් කාලීන සේවා මුරය (ප.ව. 1 සිට ප.ව. 7 දක්වා)
- Night Shift (7pm to 7am) රාත්‍රී සේවා මුරය (ප.ව. 7 සිට පෙ.ව. 7 දක්වා)
- අමතර සේවය (Extra Duty): මසකට පැය 180 ඉක්මවා සිදුකරන ඕනෑම සායනික රාජකාරියක් "අමතර සේවය" ලෙස සලකන අතර ඒ සඳහා අතිකාල දීමනා ගෙවනු ලැබේ. රෝගීන්ගේ ආරක්ෂාව තකා අමතර සේවය මසකට උපරිම පැය 100 ක සායනික ආරක්ෂණ සීමාවකට (Safety Cap) යටත් වේ.
- Shamrock Connect පද්ධතිය හරහා විද්‍යුත් වෛද්‍ය වාර්තා Electronic Medical Recording (EMR) හැසිරවීමේ පළපුරුද්ද. ශ්‍රී ලංකාවේ, විද්‍යුත් වෛද්‍ය වාර්තා පද්ධතියක් (EMR) භාවිතා කරන එකම වැඩිහිටි නිවාසය මෙයයි.
- සේවය ස්ථිර කිරීමෙන් පසු EPF/ETF දීමනා.
- සහනදායි මිලට ආහාර පහසුකම්.
- නොමිලේ නවාතැන් පහසුකම්.
- නොමිලේ නිල ඇඳුම්.
රජයේ ලියාපදිංචි පිළිගත් ආයතනයක ස්ථිර රැකියාවක් සඳහා ඔබට ලැබෙන මෙම වටිනා අවස්ථාව බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගනු ඇතැයි අප විශ්වාස කරමු.
ඉහත තනතුර සඳහා අයදුම් කරන්නේ නම් ඔබගේ CV අයදුම්පත 2026-04-30 දිනට පෙර contact@shamrockseniors.com වෙත හෝ 077 143 7618 අංකය වෙත යොමු කරන්න.
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. https://shamrockcareers.pages.dev/pages/nursing
ආයතනය ලියාපදිංචි අංකය: PV00202770
EPF/ETF ලියාපදිංචි අංකය: 53486/B
Shamrockseniors (Pvt) Ltd,
කටුබැද්ද,
මොරටුව.

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Pharmacy Assistant - Moratuwa
Private PosterRs 30,000 - 40,000MEMBERColombo, Hospital and Healthcare41 days
Assistant Accountant - Pannipitiya
ACCURATE CARSRs 50,000 - 100,000Colombo, Accounting & Finance21 days
Registered Nurse
Australian Cosmetic CampusColombo, Hospital and Healthcare48 days
Trainee Nurse
Ninewells hospitals (pvt) LtdMEMBERColombo, Hospital and Healthcare26 days