අප Singer සේවා නියෝජිත ආයතනයක් වන අතර, අපගේ දෛනික කාර්යාල කටයුතු සඳහා සහාය වීමට වගකීම් සහගත සහ විශ්වාසදායක කාර්යාල සහායකයෙකු සොයන්නෙමු.
රැකියා වගකීම්
- ආයතනයේ නියෝජිතයා ලෙස නිල දුරකථන ඇමතුම් ලබා ගැනීම
- Singer කාර්යාලය සහ ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කිරීම
- නිල ලේඛන සකස් කිරීම සහ පිරවීම
- Microsoft Word සහ Excel භාවිතයෙන් ලේඛන කළමනාකරණය කිරීම
- ඊමේල් කළමනාකරණය කිරීම සහ නිල ඊමේල්වලට පිළිතුරු යැවීම
- සිදු කළ වැඩ සහ ප්‍රගතිය ආයතන හිමිකරුට වාර්තා කිරීම
- මසකට අවම වශයෙන් දෙවරක් නිල ලේඛන භාරදීම සඳහා කොළඹට ගමන් කිරීම
අප විසින් සපයන දෑ
- නම්‍යශීලී වැඩ කරන වේලාවන්
- නිල කටයුතු සඳහා ආයතන දුරකථනයක් සහ SIM පතක්
- ආයතනයට අදාළ ගමන් සදහා ගමන් වියදම් ආයතනය විසින් දරනු ලැබේ
- රැකියාව ආරම්භ කිරීමට පෙර සම්පූර්ණ පුහුණුවක් ලබා දෙනු ලැබේ
අවශ්‍ය සුදුසුකම්
- මූලික පරිගණක සහ ඉංග්‍රීසි දැනුම (Word, Excel, ලේඛන කළමනාකරණය)
- ඊමේල් හැසිරවීමේ හැකියාව
- සන්නිවේදන කුසලතා
- උපදෙස් අනුගමනය කර කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
- අයදුම්කරු ආයතනය පිහිටි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශයක පදිංචි සිටිය යුතුය
- රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි. එහෙත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට කැමති අයදුම්කරුවන්ටද අයදුම් කළ හැක
අධ්‍යාපන සුදුසුකම්
- විශේෂ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. ඔබ වගකීම් සහගත, ඉගෙන ගැනීමට කැමති සහ පරිගණකයක් භාවිත කිරීමට හැකියාව ඇති අයෙක් නම්, ඔබට අයදුම් කළ හැක.
- පාසල් අවසන් අයදුම්කරුවන්ටත් අයදුම් කළ හැක.
වැටුප
- ඔබගේ කුසලතා, පළපුරුද්ද සහ වැඩ කිරීමට ඇති වේලාවන් අනුව වැටුප තීරණය කරනු ලැබේ.