රැකියා ඇබෑර්තු
කාන්තා ගෘහ සේවිකාවක්
කොළඹ 07 පිහිටි පෞද්ගලික නිවසක සේවය සඳහා වයස අවුරුදු 40 – 50 අතර, පළපුරුදු, විශ්වාසදායක සහ යහපත් හැසිරීම් ඇති කාන්තා ගෘහ සේවිකාවක් අවශ්‍ය වේ. අදාළ සේවා පළපුරුද්ද සහ හොඳ නිර්දේශ තිබිය යුතුය.
තෝරාගනු ලබන අපේක්ෂිකාව සාමාන්‍ය ගෘහ පිරිසිදු කිරීමේ හා නඩත්තු කටයුතු සිදු කිරීමටත්, විවිධ ආහාර වර්ග පිළියෙල කිරීමටත් හැකියාව තිබිය යුතුය. Microwave Oven, Electric Oven සහ Washing Machine වැනි ගෘහ උපකරණ භාවිතයේ දැනුම හා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ. Western ආහාර පිළියෙල කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
සුදුසු අපේක්ෂිකාවට ආරක්ෂිත නවාතැන් හා ආහාර පහසුකම් සමඟ, පළපුරුද්ද සහ සුදුසුකම් අනුව රු. 50,000 – 60,000 අතර ආකර්ෂණීය වැටුපක් ලබා දෙනු ලැබේ.
අමතන්න
076 985 5762 – රන්දීමා