සම්ප්‍රදායික උළු හැඩයට ප්‍රියතාවයක් දක්වන ශ්‍රී ලාංකික ඔබට i-Roof නවතම අත්දැකීමක් වනු ඇත. උසස්ම ASA සහ UPVC අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන, මෙරටින් පිටරටට යන සුපිරි නිෂ්පාදනයකි. ඝනකම මිලිමීටර 2.8 ක් වන අතර ලේයර් 4 කින් සමන්විත. තවද මෙහි මතුපිට ASA සංයෝගය භාවිතයෙන් නිපදවා ඇති නිසා හිරු කිරණට ඉහල ප්‍රතිරෝධයක් දක්වයි.
දකුණු ආසියාවේ විශාලතම ASA Roofing නිෂ්පාදන කාර්මාන්තශාලාවෙන් ISO-9001 - 2008 තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කරනු ලබන i-Roof වර්ණ හතරකින් ලබා ගත හැක.
Spanish Tile හැඩයට අනුව නිපදවන i-Roof දැනට වෙළඳපලේ ගත හැකි උසස්ම තත්වයේ සෙවිලි තහඩුවයි. i-Roof හි ගුණාත්මක බව මැනීම සඳහා අවශ්‍ය කරන සියලුම ප්‍රමිති සහතික හිමිකරගෙන ඇති අතර ඊයම් රහිත හා ඇස්බැස්ටෝස් රහිත, පරිසර හිතකාමී 100% දේශීය නිෂ්පාදනයකි.
i-Roof වාසි
✔ LG ASA ලේයරය නිසා සිසිලස රදවන අතර රස්නය අවම වීම
✔ ලේයර් 4කින් සමන්විත නිසා ඉහල ශක්තිය හා දිගුකල් පැවැත්ම
✔ සෞඛ්‍යයට හානිකර පිළිකාකාරක ද්‍රව්‍යය කිසිවක් අඩංගු නොවීම
✔ වැස්සේ දී ශබ්දය අවම වීම
✔ පාසි, දුවිලි, මළ නොබැදීම
✔ ගිනි පැතිරීම සිදු නොවීම
✔ 100% වතුර කාන්දු වීම වැලකීම
✔ උළු හැඩය නිසා අලංකාර නිමාව
✔ සැහැල්ලු බව නිසා සැකිල්ල සදහා යන වියදම අඩු වීම
✔ පළල අගල් 41 සහ දිග ප්‍රමාණ 10 කින් ලබාගත හැකි වීම
✔ අවුරුදු 10 ක සමාගම් වගකීම