රාගම කඳාන නගර වලට ඉතා ආසන්නව පිහිටි නවීන ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වූ අපගේ නවතම තෙමහල් නිවස දැන් විකිණීමට සූදානම්.
පර්චස් 10 ක හිස් ඉඩමක ඉදි වූ මෙම නිවස කාමර හතරකින් සහ සේවක නිදන කාමරයක් ඇතුළත් වන අතර, නාන කාමර හතරක් සහ සේවක නානකාමරයක්ද ඇතුළත්වේ.
ගඩොලින් ඉදි වූ මහල් තුනකින් සමන්විත මෙම නිවස වර්ග අඩී 3500 කට වැඩි ඉඩකඩකින් යුතුව නිර්මාණය කර ඇත.
නවීනතම සියලු පහසුකම් සහිතව නිර්මාණය කළ විවෘත මුළුතැන් ගේකින් සමන්විත මෙම නිවසේ අලංකාර විදුලි ආලෝක පද්ධතියක්ද,ආරක්ෂක ලාම්පු පද්ධතියක්ද, ආරක්ෂක කැමරා පද්ධතියක්ද සවි කර ඇත.
කොස් සහ තේක්ක දැවය නිවසේ සියලුම ජනෙල්, දොරවල් සහ පියගැට පෙළ සඳහා යොදාගෙන ඇත. වාහන තුනක් පහසුවෙන් ගාල් කළ හැකි මෙම නිවසේ 100දෙනකුට පමණ පහසුවෙන් රැස්ව සාදයක් පැවැත්විය හැකි විවෘත සඳළුතලයකින් සමන්විතවෙ.
264/1 බස් මාර්ගයට මීටර 50 දුරින්ද, කඳාන ද මැසනර් විදුහලට 1km ක්ද කඳාන නගරයට 2km ක්ද, රාගම නගරයට 2.5km ක්ද පේරලන්ද දුම්රිය ස්ථානයට 1.2km
දුරින් පිහිටා ඇති මෙම නිවස සාමකාමී වටපිටාවකින් යුත් ස්වභාවික විපත්වලින් තොර ප්රදේශයක පිහිටා ඇත. සියලු පහසුකම් සහිත මේ නිවසේ විකුණුම් මිල රුපියල් ලක්ෂ 475
නිවස පරීක්ෂා කළ බැලීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක. වැඩි විස්තර දැනගැනීම සඳහා අප අමතන්න