රැකියා ඇබෑර්තුවක්: ප්‍රවාහන සහකාර (Transport / Delivery Helper)
ස්කෑන් ලංකා ට්‍රේඩින් කම්පැනි (පුද්) සමාගම - මාලඹේ
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වෙළඳ සමාගමක් වන අප ආයතනයේ මාලඹේ පිහිටි ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Transport Department) සඳහා කඩිසර, ජවසම්පන්න සහ වගකීමෙන් වැඩ කළ හැකි සහකාරවරුන් වහාම බඳවා ගැනේ.
ප්‍රධාන රාජකාරි සහ වගකීම්:
බෙදාහැරීමේ වාහනවලට භාණ්ඩ පැටවීම සහ බෑම ආරක්ෂිතව සිදු කිරීම.
ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ, අදාළ ඉන්වොයිසි සහ ලේඛන සමඟ නිවැරදිව පරීක්ෂා කිරීම.
ධාවන කාලය තුළදී වාහනයේ ආරක්ෂාව සහ ගමන් මාර්ග සොයාගැනීම සම්බන්ධයෙන් රියදුරු මහතාට සහය වීම.
ප්‍රවාහන අංශයේ සහ වාහනවල පිරිසිදුකම මෙන්ම පිළිවෙල පවත්වා ගැනීම.
අවශ්‍ය සුදුසුකම්:වයස: අවුරුදු 18 ත් 45 ත් අතර.
ගැහැණු/පිරිමි: පිරිමි පාර්ශවය පමණි.
පළපුරුද්ද: ප්‍රවාහන, ගබඩා (Warehouse) හෝ බෙදාහැරීමේ ක්ෂේත්රයක පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. (පාසල් හැරගිය ආධුනිකයින්ටද අයදුම් කළ හැක).
වෙනත්: යහපත් ශාරීරික සෞඛ්‍ය සම්පන්න බව සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
පදිංචිය: මාලඹේ, කඩුවෙල, බත්තරමුල්ල හෝ අවට ප්‍රදේශවලින් විශේෂයි.
ඔබට ලැබෙන වරප්‍රසාද:ආකර්ෂණීය මූලික වැටුප සහ දීමනා.පැමිණීමේ ප්‍රසාද දීමනා (Attendance Bonuses) සහ දිරි දීමනා (Incentives).EPF / ETF දායකත්වය.
සුහදශීලී සහ සුරක්ෂිත සේවා පරිසරයක්.අයදුම් කළ යුතු ආකාරය:
මෙම තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංක
0714307685