දිවයිනේ ප්රමුඛ පෙළේ සුරතල් සත්ව අහාර ආනයන හා බෙදා හරින සමාගමක් වන අපගේ ගබඩා පරිශ්‍රය සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ හැකි ක්‍රියාශීලී ගබඩා සහායකයින් වහාම අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්:
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා පෙනී සිට තිබීම.
- වයස අවුරුදු 18 - 40 අතර පිරිමි පාර්ශවය.
- කායිකව ක්ෂමතාවයෙන් යුක්ත වීම සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
- ගබඩා කටයුතු පිළිබඳ පූර්ව පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි (නවකයින්ටද ඉල්ලුම් කළ හැක).
කාර්යභාරය:
- භාණ්ඩ ගබඩාවට භාරගැනීම, වර්ග කිරීම සහ නියමිත ස්ථානවල තැන්පත් කිරීම.
- ඇණවුම්වලට අදාළව භාණ්ඩ ඇසුරුම් කිරීම (Packing) සහ පැටවීම/බෑම (Loading/Unloading).
- ගබඩාවේ පිරිසිදුකම පවත්වා ගැනීම.
ප්රතිලාභ:
- ආකර්ෂණීය මූලික වැටුපක් (basic රු. 50,000 සිට ඉහලට, අත්දැකීම් අනුව වෙනස් වේ) සහ අමතර දීමනා.
- අතිකාල දීමනා (OT) සහ ප්‍රසාද දීමනා (Bonuses).
- EPF / ETF ආවරණය.
- නොමිලේ ආහාර පහසුකම්.
මෙම තනතුර සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම්, ඔබගේ CV එක පහත ලිපිනයට email කරන්න:
විද්‍යුත් තැපෑල: jobs@seepetanimalcare.com
ස්ථානය: පැලවත්ත, බත්තරමුල්ල