මන්නාරම දුම්රිය මාර්ගය සහ ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවය පිළිබඳව ප්රස්තුත කරගනිමින් දැනට රචනා වී ඇති පළමු හා එකම පර්යේෂණ කෘතිය යි.
අදාළ විෂය ක්ෂේත්රය සම්බන්ධයෙන් 1890 වසරේ සිට මේ දක්වා සියලුම තොරතුරු මෙන්ම සුලභ හා දුර්ලභ ඡායාරූප 95ක් හා සිතියම් 15 කින් සමන්විතය. A5 ප්‍රමාණයේ ජැකට් කවරය සහිත පිටු 220 කි.
පළමු පෙරවදන, දෙවැනි පෙරවදන සහ පසුවදන සම්පාදනය කර තිබෙන්නේ අදාළ විෂය පිළිබඳව ප්රමුඛ පෙළේ විද්වතුන් විසින් වන අතර සියලුම තොරතුරු සවිස්තරාත්මකව දක්වා ඇත.
9, 10 හා 11 ශ්‍රේණිවල ඉතිහාසය විෂයට අදාළ රැසක් පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් ලබාදෙන අතරම උසස් විභාග මෙන්ම දුම්රිය ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නන්ගේ භාවිතය සඳහා ඉතාමත් සුදුසු වේ.
එසේම, මෙම කෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාලනය කරනු ලබන අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් පාසැල් පුස්තකාල පොතක් වශයෙන් ද අනුමත කර තිබේ.
මිලදී ගැනීමට හෝ වැඩිදුර තොරතුරු සඳහා කතුවරයාව සම්බන්ධ කරගන්න.