ඇබෑර්තු ඇත: පූර්ණ කාලීන කාන්තා දන්ත වෛද්‍ය සහායක (පුහුණු/නුපුහුණු)
පිළිගත් දන්ත වෛද්‍ය සායනයක් සඳහා කැපවීමෙන් සහ සුහදශීලීව කටයුතු කළ හැකි කාන්තා දන්ත වෛද්‍ය සහායිකාවක අවශ්‍යයි. (පුහුණු වූ හෝ නුපුහුණු අයට අයදුම් කළ හැක.)
සුදුසුකම්:
රෝගීන්/පාරිභෝගිකයින් සමඟ හොඳින් කටයුතු කිරීමේ හැකියාව.
අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) දක්වා හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම්.
වයස අවුරුදු 30 ට අඩු විය යුතුය.
බෝකුන්දර, පිළියන්දල, හෝ බොරලැස්ගමුව අවට පදිංචිකරුවන් සඳහා විශේෂ ප්‍රමුඛතාව.
සේවා වේලාවන්:
සඳුදා සිට සෙනසුරාදා දක්වා: පෙ.ව. 9.00 - ප.ව. 12.30 සහ ප.ව. 4.00 - ප.ව. 8.30
අතිකාල (OT): ප.ව. 8.30 සිට ප.ව. 10.00 දක්වා (රොස්ටර් ක්‍රමයට)
සිකුරාදා උදෑසන: නිවාඩු
ඉරිදා: පෙ.ව. 9.00 - ප.ව. 1.30 (රොස්ටර් ක්‍රමයට - වෙනම ගෙවීම් සහිතයි)
වේතනය:
පුහුණු කාලය (මාස 2): රු. 35,000/-
පුහුණුවෙන් පසු: රු. 50,000/- ට වැඩි (අතිකාල දීමනා සහ ඉරිදා දින දීමනා ඇතුළත්ව)
දැන්ම අයදුම් කරන්න!