පිහිටීම:
මාවතගම නගරයේ සිට කුරුණෑගල දෙසට කිලෝමීටර් 2.5ක් පැමිණෙන විට 6 කණුව හංදිය හමුවේ. 6 කණුව හංදියෙන් මාරලන්ද පාර නම් කාපට් මාර්ගයේ මීටර් 500ක් යන්නට පෙර මෙම ඉඩම හමුවේ.
6 කණුව මංසන්ධිය යනු ප්‍රධාන, ප්‍රධාන නොවන බස් රථ නවත්වන අර්ධ නාගරික ප්රදේශයකි. එහි බේකරියක්, සිලර කඩ කීපයක්, gym එකක්, කෑම කඩ, හෝටලයක්, pharmacy යක් ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල සපයා ගත හැකි පහසුකම් එක ළඟ පවතී.
ඉඩම වනතෙක්ම පවතිනුයේ කාපට් පාරයි. අතුරු මාර්ග නැත. මාරලන්ද පාර දිගටම කාපට් පාරක් ඔස්සේ මාවතගම නගරය, අහස් යානාපිටිය ප්‍රදේශය, බරන්දන පාර යන ප්‍රදේශවලට කෙලින්ම සම්බන්ධ වෙයි.
*පරිසරය:*
ඉඩම කෙලින්ම ආසන්නයේ ඇත්තේ මාරලන්ද කුඩා වැව හා ඉඩම පිටුපසින් ඇත්තේ සුන්දර මාරලන්ද වතුයායයි. මහා මාර්ගයට මෙතරම් සමීප වුවත් පරිසරය ඉතාමත් නිස්කලංකයි.
*ඉඩම පිළිබඳව:*
සෘජුකෝණාස්රාකාර හැඩය, සින්නක්කර ඔප්පු, නිරවුල් ඔප්පු.
මෙම පිහිටීමේ මෙම ඉඩම කොටස අනාගතයේ ආයෝජනයක් ලෙස සිතනු ඇත.
නිවස:
Hood එකක්, ගරාජයක් නිවසට ඈඳී ඇත. නිදන කාමර 2 යි. සාලයක් හා කුඩා මැද සාලයක් ඇත. කුස්සියක් හා bathroom එකක්, මුළු නිවසම අලුතින් tile කර ඇත. විදුලිය හා ජල සැපයුම පවතී.
මෙය ඉතා නීත්‍යානුකූල වත්කමක් වන අතර බැංකු ණය අයදුම් කළ හැක. බැංකු ණය අයදුම් කිරීමට අකමැති කෙනෙක් වේ නම් අත්තිකාරම් මුදල ගෙවා ඉතිරි මුදල ගෙවීමට ගිවිසුම් ගත විය හැක. අත්තිකාරම් මුදල ගෙවීමෙන් පදිංචිය ලබා ගත හැකි වේ.