Company Registration
ශ්‍රී ලංකාව තුළ පුද්ගලික සමාගමක් (𝐏𝐫𝐢𝐯𝐚𝐭𝐞 𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲) ලියාපදිංචි කරන්නේ කොහොමද? 😇👇
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ මෙම ලියාපදිංචිය සිදු කරනු ලබන අතර මුළු දිවයින සඳහාම මෙම ලියාපදිංචිය වලංගු වේ.
පහත පියවර මඟින් ලියාපදිංචි ක්‍රියාවලිය හඳුනා ගනිමු.
1️⃣ සමාගම සඳහා සුදුසු නමක් තෝරා ගැනීම.
මෙහිදී පහත කරුණු සලකා බැලීම මඟින් පහසුවෙන් ව්‍යාපාර නාමයක් ඔබට තෝරාගත හැකිය.
📌 ව්‍යාපාර නාමය PVT (LTD) හෝ PRIVATE LIMITED යන ආකාර දෙකෙන් එකක් ඔබට තෝරාගත හැකිය. එයට කිසිඳු නීතිමය වෙනසක් නොමැත.
📌 තවද ව්‍යාපාර නාමය සඳහා පහත වචන යොදාගත නොහැකිය.
( Sri Lanka, National, President, Municipal, Incorporated, State ....)
( Holdings, Group-of-Companies පෙර අනුමැතිය ලබාදුන්නද දැන් ලබාගත නොහැකිය.)
📌 ඔබට සලකුණුද (Symbols) නමට ඇතුළත් කළ හැකිය.
Eg: A.B.C. Enterprises (PVT) LTD
D & E Enterprises Private Limited
සාමාන්‍යයෙන් අනුමැතිය ලබාගැනීම සඳහා වැඩකරන දින 4-5ක් පමණ ගතවේ.
2️⃣ ව්‍යාපාර ලියාපදිංචිය සඳහා පෝරම සකස් කිරීම
මෙහිදී පහත පොරම අවශ්‍යය වේ.
🔵Form 01 : ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරු (Directors), කොටස්කරුවන්(Sharehodlers) හා සමාගම් ලේකම්ගේ (Secretary) විස්තර සියල්ලම මෙහි ඇත.
🔵Form 18 : අධ්‍යක්ෂක (Director) විස්තර
🔵Form 19 : ලේකම් විස්තර (Secretary)
🔵Articles of Association : සමාගමේ ව්‍යවස්ථාව
අලුතෙන් එක්වූ forms
🔵Form BO 01 : ලියාපදිංචි කරන අවස්තාවේදී සමාගමේ අර්ථලාභී අයිතිකරුවන්ගේ (Beneficial Ownership) විස්තර
🔵Form BO 05 : බලය පවරන තැනැත්තෙකු පත් කිරීම (Appointment of an Authorised Person)
නව සමාගම් පනත අනුව එක් අධ්‍යක්ෂකවරයෙක් හා ලේකම් මඟින් ව්‍යාපාරයක් ලියාපදිංචි කළ හැකිය.
පසුව මෙම පෝරම අත්සන් කර උඩුගත (Upload) කළ යුතුයි.සාමාන්‍යයෙන් අනුමැතිය ලබාගැනීම සඳහා වැඩකරන දින 5-6ක් පමණ ගතවේ.
ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ඔබට ව්‍යාපාර සංස්ථාපනය කිරීමේ සහතිකය(Company Incorporation Certificate / Business Registration Certificate - BR ) නිකුත් කරනු ලබයි. වර්ථමානයේදී මෙම සහතිකය ඔබට නිකුත් කරනුයේ PDF ගොනුවක් ලෙසට වන අතර එහි ඇති QR කේතය මඟින් සහතිකයේ වලංගුතාවය පරීක්ෂා කරගත හැකිය.
Business Eye අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්.
01. ඇයි ඔබ අප ආයතනයම තෝරා ගත යුත්තේ?
🔔 ඔබගේ කාලය අපතේ නොයාම
🔔 ක්ෂේත්රයේ ඇති පළපුරුද්ද
🔔 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම
02. ඇයි Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කල යුත්තේ?
Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයකට පහත වාසි අත් කරගන්න පුළුවන්
✒️ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා සීමා
✒️ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම
✒️බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම
✒️ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු සිදුකළ හැකි වීම
03. මේ වගේ වාසි තිබුණත් ඇයි බහුතරයක් දෙනා තමන්ගේ business එක private limited විදිහට ලියාපදිංචි කරන්නේ නැත්තේ?
❓වාර්ෂිකව බදු ලෙස අධික මුදලක් ගෙවීමට සිදුවේ යැයි පවතින අනිසි බිය
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සංකීර්ණ වීම
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින දැනුම ප්‍රමාණවත් නොවීම
04. රස්තියාදු නොවී කොහොමද ඔයාගේ business එක private limited විදිහට ලියාපදිංචි කරගන්නේ?.
ඉහත ක්‍රියාවලිය අපගේ අත්දැකීම්ලත් සේවක මහතුන් මඟින් ලියාපදිංචි කරවා ගැනීමට අදම කතා කරන්න.
මේ සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා මෙම දුරකතන අංක අමතන්න හෝ කෙටි පණිවිඩයක්
පහත පෝරමය පිරවීම මඟින්ද අපගේ සේවාව ලබා ගතහැකිය. -
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



