ප්‍රධාන වගකීම් සහ රාජකාරි:
• නියමිත වට්ටෝරුවලට (Recipes) අනුව රසවත් බත් සහ වෑංජන පිළියෙල කිරීමේ හැකියාව.
• අවසන් ආහාර නිෂ්පාදනවල නියමිත රසය, ගුණය සහ ප්‍රමිතිය නිරන්තරයෙන් පවත්වා ගැනීම.
• සෞඛ්යාරක්ෂිත සහ ආහාර සුරක්ෂිතතා නීති රීතිවලට අනුකූලව මුළුතැන්ගෙයි පිරිසිදුකම සහ සංවිධානාත්මක බව ඉහළින්ම පවත්වා ගැනීම. සියලුම උපකරණ නිසි ලෙස පිරිසිදු කර ගබඩා කිරීම සහතික කිරීම.
• කනිෂ්ඨ කාර්ය මණ්ඩලය (Junior staff) සහ ආධුනිකයින් පුහුණු කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට මඟ පෙන්වීම සහ සහාය ලබා දීම.
අවශ්‍ය සුදුසුකම්:
• ක්ෂේත්රයේ වසර 01 ක අවම සේවා පළපුරුද්ද.
• වයස අවුරුදු 25 ත් 40 ත් අතර විය යුතුය.
• ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්යාරක්ෂිත පිළිවෙත් පිළිබඳ මනා දැනුමක් තිබීම අනිවාර්ය වේ.
• කණ්ඩායමක් මෙහෙයවමින් නියමිත ඉලක්ක සපුරා ගැනීමට ඇති හැකියාව.
• කාලය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ හැකියාව.
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
• සුදුසුකම්ලත් දක්ෂතම අපේක්ෂකයින් සඳහා ඉතා ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද හිමිවේ.