විදේශිකයන්ටත් සුදුසු විනාඩි තුනෙන් පිටකොට්ටේ ටවුමට ලගාවියහැකි දුරින් පිහිටි ඉතාමත්ම පිරිසිදු ලෙස පවත්වාගෙන යන,අලුතින්ම අලුත්වැඩියා කර ඇති අලංකාර ,ඉතා පිලිවෙලට සාදා ඇති සම්පූර්ණ ගෙයම ටයිල් කර ඇති,තමන්ටම පුද්ගලිකව වෙන්වූ ඇතුලත්වීමක් ඇති විශාල කාමර දෙකකින් යුත් , විශාල සාලයක්,විශාල නාන කාමර දෙකක්,ගබඩා කාමරයක් / ගෘහසේවිකා කාමරයක්,ලොකු බැල්කනියක්,ලස්සන පිලිවෙලක් සහිත පැන්ට්‍රි දෙකක් ඇති කුස්සි කාමර දෙක සහිත විශාල ගෙය විශාල බන්ගලාවක ඉහල තට්ටුවේ පිහිටා ඇත.
බිත්තිවලටම අල්ලා සාදන ලද වෝල් කබඩ් ඇති,උනුවතුර පහසුකම් හා අනෙකුත් සියලු පහසුකම්ද ඇත.වාහනයක් නැවත්වීමේ පහසුකම් ඇත.
කාගිල්ස්,කීල්ස්,සුපර්මාකට් වලටද අතේ දුරින් පිහිටා ඇති මෙම බන්ගලාව පිහිටා ඇත්තේ ඉතාමත්ම නිදහස් නිස්කලන්ක වැදගත් පරිසරයකය.
මෙම ගෙය ඉතාම වැදගත්,උගත්,චරිතවත් ඉහල වැටුප් තලවල විධායක මට්ටමේ රැකියාවන් කරන යුවලකට හෝ මහත්මීන් දෙදෙනෙකුට මහත්මයානන් දෙදෙනෙකුට හෝ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට හෝ කුලියට දීමට ඇත.
මහපාරට ද බස්නැවතුම් පලටද ඉතාමත්ම ලගින්ය.
කැමරා සහ ඉතා උසට සාදා ඇති ගේට්ටුවක් සහ ඉඩම වටේටම ඇති තාප්ප වලට එයාපෝට් වයර් දැලක් මෙශ් එක ගසා ඉතාමත්ම හොද ආරක්ශිත ආරක්ශාවක්ද සලසා ඇත.ලස්සන මිදුලක්ද ගෙවත්ත වටේටම ඇත.
මෙම නිවසට මාසික කුලිය රු.80000ක් සහ මාස 6ක ඇඩ්වාන්ස මුදලක් බලාපොරොත්තුවෙමි.
අත්තිකාරම් මුදල පිලිබදව සාකච්චා කරගත හැකිය.
ගෙදර අයිතිකාර මහත්මා මහත්මීන් වැදගත් උගත් සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති පිරිසක් වෙති.