අපේ කුරුඳු කතාව ආරම්භ වෙන්නේ මාතර, මාවරල පිහිටි අපේම පුංචි ඉඩමෙන්. පරම්පරා ගණනාවක් තිස්සේ අපේ ප්‍රදේශයේ මිනිසුන් කුරුඳු වගාවත් සමඟ ජීවත් වුණා. ඒ අත්දැකීම් සහ සාම්ප්‍රදායික දැනුමත් එක්ක තමයි Jawaya Product කුරුඳු ඔබ වෙත ගෙන එන්නේ.
අපේ ඉඩමේ හොඳින් වැඩුණු කුරුඳු ගස් තෝරාගෙන, නිසි කාලයට අස්වැන්න නෙළා ගන්නවා. ඉන්පසුව සෑම කුරුඳු පොත්තක්ම යන්ත්‍ර මත පමණක් රඳා නොසිට, පළපුරුදු අත් දෙකකින් ඉතා සැලකිල්ලෙන් සකස් කරනවා. කුරුඳුවල ස්වාභාවික සුවඳ, රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමට සෑම පියවරකදීම විශේෂ අවධානයක් යොමු කරනවා.
මෙය විශාල කර්මාන්තශාලාවක නිෂ්පාදනයක් නොවෙයි. අපේම ඉඩමේ වගා කර, අපේම අධීක්ෂණය යටතේ පිරිසිදුව හා සාම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන සැබෑ ලංකා කුරුඳු නිෂ්පාදනයක්. කෘත්‍රිම වර්ණ, රසකාරක හෝ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ.
ඔබේ නිවසේ තේ කෝප්පයට, ආහාර පිසීමට හෝ රසවත් අතුරුපසක් සකස් කිරීමට ස්වාභාවික ලංකා කුරුඳුවල සැබෑ සුවඳ සහ රසය එක් කරගන්න පුළුවන්. තමන්ගේ පවුල වෙනුවෙන් තෝරාගන්නා දෙයක් වගේම පිරිසිදුව සහ වගකීමෙන් සකස් කර ඔබ වෙත ලබාදීම අපේ අරමුණයි.
සිල්ලර මෙන්ම තොග ඇණවුම්ද භාරගනු ලබන අතර දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
Jawaya Product | SPICE HOUSE
ඇමතුම් / WhatsApp